ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් ශූරයා ප්‍රභාත්, ශූරිය මනෝරි !

Share post:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරගාවලියේ පිරිමි ශුරතාවය ප්‍රභාත් ගමගේ හිමිවූ අතර කාන්තා ශුරතාවය දිනා ගැනීමට මනෝරි ජයකොඩිට සමත්විය.

එමෙන්ම තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රිඩකයාට හිමි කුසලානය ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නන්දන ජයලත් ට හිමිවිය.

ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම ක්‍රිඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු අතර, දක්‍ෂතම ත්‍රිවිධ හමුදා සේවා ගෝල්ෆ් ක්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රිඩකයින් ද තරග කළේය.

මේ සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුලු දෙස් විදෙස් ගෝල්ෆ් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි විය.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය විසින් සපයනු ලැබීය.

සබැඳි පුවත්

කාන්තා ශුරතාවය දිනාගත් මනෝරි ජයකොඩි
තරගාවලියේ දක්‍ෂතම ත්‍රිවිධ හමුදා සේවා ක්‍රිඩකයාට හිමි කුසලානය දිනාගත් ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නන්දන ජයලත්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...