ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 20 වැනිදා ඇරඹේ

Share post:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 20වනදා සිට 22වනදා දක්වා චීනවරාය ගොල්ෆ් ක්‍රීඩංගනයේදී පැවැත්වේ.

දස වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය සපයනු ලබන අතර Trinco Blue by Cinnamon සහ JKAB Beach Resort ආයතනද සිය සත්කාරක දායකත්වය සපයනු ලබයි.

එමෙන්ම තරගාවලියේ දසවැනි සංවත්සරය සමරනු වස් ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය හා එක්ව ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක්ද සැලසුම් කර තිබේ.

ඒ යටතේ ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීනවරාය නාලන්දා විද්‍යාලය හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විද්‍යාලය යන පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිගණක උපාංග ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...