ගුවන් හමුදාපති කුසලාන ගොල්ෆ් තරග 20 වැනිදා ඇරඹේ

Share post:

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගොල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන කාන්තා සහ පිරිමි ගොල්ෆ් තරගාවලිය ජනවාරි මස 20වනදා සිට 22වනදා දක්වා චීනවරාය ගොල්ෆ් ක්‍රීඩංගනයේදී පැවැත්වේ.

දස වැනි වරටත් සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය සපයනු ලබන අතර Trinco Blue by Cinnamon සහ JKAB Beach Resort ආයතනද සිය සත්කාරක දායකත්වය සපයනු ලබයි.

එමෙන්ම තරගාවලියේ දසවැනි සංවත්සරය සමරනු වස් ඩයලොග් එන්ටර්ප්‍රයිස් ආයතනය හා එක්ව ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක්ද සැලසුම් කර තිබේ.

ඒ යටතේ ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීනවරාය නාලන්දා විද්‍යාලය හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විද්‍යාලය යන පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිගණක උපාංග ප්‍රධානය කිරීමට කටයුතු සූදානම් කර ඇත.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...