නවසීලන්තය : ආර්ථික වර්ධනය මගේ මූලික අරමුණයි, අගමැති ධූරයේ දිවුරුම් දෙමින් ‘ක්‍රිස්’ කියයි

Share post:

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වෙලින්ටන් අගනුවර පැවති චාම් උත්සවයකදී 44 හැවිරිදි හිප්කින්ස් නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඔහු එරට 41 වැනි අගමැතිවරයා වේ.

දිවුරුම් දීමෙන් අනතුරුව “මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ වගකීමයි,” හිප්කින්ස් පැවසීය.

එමෙන්ම “වසංගතයක් මෙන් වන උද්ධමනය ” මුහුණ දෙමින් ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

හිප්කින්ස් නවසීලන්තයේ Covid-19 වලක්වා ගැනීමේ උපාය මාර්ග සඳහා නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගත්තේය.

අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ අගමැති ජසින්ඩා ආර්ඩ්න් අනපේක්ෂිත ලෙස සිය ධූරයෙන් ඉවත් වන බවට දැනුම්දිමෙන් පසුවය.

සති අන්තයේ පැවති පාලක කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ දී, ඔහුව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම සඳහා ඒකමතිකව සහයෝගය ලැබිණි.

කෙසේ වෙතත් ලබන ඔක්තෝබර් මාසයේ එරට මැතිවරණය පැවැත්වෙන බැවින් ඔහුගේ පත්වීම මාස කිහිපයකින් අවසන් වනු ඇතැයි ද වාර්තා වේ.

ජසින්ඩා ආර්ඩෙන් නවසීලන්ත අගමැතිනිය ලෙස ඇගේ සමුගැනීමේ කතාව සිය අනුප්‍රාප්තිකයා වූ ක්‍රිස් හිප්කින්ස් ඉදිරියේ සිදු කරමින් පවසා සිටියේ “මම මේ රැකියාවේ යෙදී සිටියදී අභියෝග, ආදරය, දයාව, සංවේදනය අත්විඳ තිබෙනවා. එහෙත් කාලය ආ විට ඉන් ඉවත්විය යුතු බවයි.

එමෙන්ම අගමැති ධුරයෙන් ඉවත්ව ගියත් මන්ත්‍රී ධුරයේ තවදුරටත් රැඳී සිටින බව පවසා සිටි ඇය, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත්ව සිටින බවද කියා සිටියාය.

සබැඳි පුවත්

කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...