නවසීලන්තය : ආර්ථික වර්ධනය මගේ මූලික අරමුණයි, අගමැති ධූරයේ දිවුරුම් දෙමින් ‘ක්‍රිස්’ කියයි

Share post:

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වෙලින්ටන් අගනුවර පැවති චාම් උත්සවයකදී 44 හැවිරිදි හිප්කින්ස් නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ඔහු එරට 41 වැනි අගමැතිවරයා වේ.

දිවුරුම් දීමෙන් අනතුරුව “මෙය මගේ ජීවිතයේ ලොකුම වරප්‍රසාදය සහ වගකීමයි,” හිප්කින්ස් පැවසීය.

එමෙන්ම “වසංගතයක් මෙන් වන උද්ධමනය ” මුහුණ දෙමින් ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

හිප්කින්ස් නවසීලන්තයේ Covid-19 වලක්වා ගැනීමේ උපාය මාර්ග සඳහා නායකත්වය දුන් ඇමතිවරයා ලෙස කීර්තියක් ගොඩනගා ගත්තේය.

අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ අගමැති ජසින්ඩා ආර්ඩ්න් අනපේක්ෂිත ලෙස සිය ධූරයෙන් ඉවත් වන බවට දැනුම්දිමෙන් පසුවය.

සති අන්තයේ පැවති පාලක කම්කරු පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ දී, ඔහුව අග්‍රාමාත්‍ය තනතුරට පත් කිරීම සඳහා ඒකමතිකව සහයෝගය ලැබිණි.

කෙසේ වෙතත් ලබන ඔක්තෝබර් මාසයේ එරට මැතිවරණය පැවැත්වෙන බැවින් ඔහුගේ පත්වීම මාස කිහිපයකින් අවසන් වනු ඇතැයි ද වාර්තා වේ.

ජසින්ඩා ආර්ඩෙන් නවසීලන්ත අගමැතිනිය ලෙස ඇගේ සමුගැනීමේ කතාව සිය අනුප්‍රාප්තිකයා වූ ක්‍රිස් හිප්කින්ස් ඉදිරියේ සිදු කරමින් පවසා සිටියේ “මම මේ රැකියාවේ යෙදී සිටියදී අභියෝග, ආදරය, දයාව, සංවේදනය අත්විඳ තිබෙනවා. එහෙත් කාලය ආ විට ඉන් ඉවත්විය යුතු බවයි.

එමෙන්ම අගමැති ධුරයෙන් ඉවත්ව ගියත් මන්ත්‍රී ධුරයේ තවදුරටත් රැඳී සිටින බව පවසා සිටි ඇය, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත්ව සිටින බවද කියා සිටියාය.

සබැඳි පුවත්

කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...