කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

Share post:

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඇය අගමැතිධූරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වනු ඇත.

ආර්ඩර්න් පවසා සිටියේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවයි.

අභියෝගාත්මක වසර 6 කට කාලයක් තමන් සිය තනතුරේ කටයුතු කළ බවත් තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි යැයි ඇය මාධ්‍ය වෙත පැවසූවාය.

“මෙම තීරණය මගේම තීරණයක්. රටකට නායකත්වය දීම කෙනෙකුට ලැබිය හැකි වඩාත්ම වරප්‍රසාද ලත් සතුටුවිය හැකි රැකියාවක්. ඒ වගේම එය අභියෝගාත්මක කාර්යයක්. ඉතින් හැකි තාක් කල් අපි හැකි සෑම දෙයක්ම කල යුතුයි. ඒ වගේම කාලය ආ විට ඉන් ඉවත්විය යුතුයි. මම කල්පනා කළා. මට මේ තනතුරේ තවත් සේවය කරන්න පුළුවන්ද කියා. ඊට ශක්තියක් නොමැති බව මට හැඟී ගියා ” යැයි ඇය පැවසුවාය.

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...