කාලය ආ විට ඉවත් වෙන්න ඕනේ : තවදුරටත් රටට නායකත්වය දෙන්න මට බැහැ

Share post:

නවසීලන්ත අගමැතිනිය ජසින්ඩා ආර්ඩන් එළැඹෙන පෙබරවාරි 7 වැනිදා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඇය අගමැතිධූරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ද ඉවත්වනු ඇත.

ආර්ඩර්න් පවසා සිටියේ තමන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වන කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවයි.

අභියෝගාත්මක වසර 6 කට කාලයක් තමන් සිය තනතුරේ කටයුතු කළ බවත් තමන්ට තවදුරටත් රටට නායකත්වය ලබාදීමට නොහැකි යැයි ඇය මාධ්‍ය වෙත පැවසූවාය.

“මෙම තීරණය මගේම තීරණයක්. රටකට නායකත්වය දීම කෙනෙකුට ලැබිය හැකි වඩාත්ම වරප්‍රසාද ලත් සතුටුවිය හැකි රැකියාවක්. ඒ වගේම එය අභියෝගාත්මක කාර්යයක්. ඉතින් හැකි තාක් කල් අපි හැකි සෑම දෙයක්ම කල යුතුයි. ඒ වගේම කාලය ආ විට ඉන් ඉවත්විය යුතුයි. මම කල්පනා කළා. මට මේ තනතුරේ තවත් සේවය කරන්න පුළුවන්ද කියා. ඊට ශක්තියක් නොමැති බව මට හැඟී ගියා ” යැයි ඇය පැවසුවාය.

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස වයස අවුරුදු 37 දී තේරී පත් වූ අතර ඇය අග්‍රාමාත්‍ය ධුරය සඳහා තේරී පත් වූ ලොව ලාබාලතම රාජ්‍ය නායිකාවද වූවාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...