නීතිපති බලපෑමට එරෙහි විරෝධය : නීතිඥවරුන්ට එරෙහි බී වාර්තාව පොලිසිය ඉල්ලා අස්කර ගනී !

Share post:

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීම අද (24) ඉල්ලා අස්කර ගැනිණි.

පොලිසිය මගින් ඉදිරිපත් කරන ලද අදාළ කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර තිබුණේ මේ පිළිබඳව විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙසයි. එහෙත් අද එය කැඳවූ අවස්ථාවේදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම්දුන්නේ අදාළ වාර්තාව පිළිබඳව වැඩිදුර පියවර නොගෙන, එය ඉල්ලා අස්කරගන්නා බවයි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට ඊට ඉඩදුන්නේය.

මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. මෙම සාමකාමී විරෝධතාවේදී උල්ලංඝනය වූ නීති මොනවාද යන්න සහ අදාළ බී වාර්තාව ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි අවධානයෙන් සිටින බව ද පොලිස්පතිවරයාට කොමිසම විසින් කර ඇති දැනුම්දීමේ සඳහන් ව තිබිණි.

නඩු අංක B/84532/01/23 යටතේ මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර තිබුණේ එමගින් මහජන පීඩාවක් සහ මාර්ගය අවහිර කිරීමක් සිදුව ඇති බවයි. එසේ ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ද එහි සඳහන් වෙතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නුවන් බෝපෙගේ, ගුණරත්න වන්නිනායක සහ සේනක පෙරේරා යන නීතිඥවරුන් මෙහි වගකිවයුතු පාර්ශ්ව ලෙස දක්වා තිබේ. මාස කිහිපයක සිට ම විදේශගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ නම ද මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අහිමි කිරීමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ඉඩනොදිය යුතු බවයි. එසේ ම මෙමගින් නීතිඥවරුන් බියවැද්දීමේ නිර්ලජ්ජිත උත්සහයක් ගෙන ඇති බවත්, එම උත්සාහය පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් එම සංගමයේ විධායක කමිටුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

පසුගිය 18දා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ බලපෑමකට එරෙහිව 19දා නීතිඥ සාමූහිකය මගින් මෙම විරෝධතාව පවත්වන ලදි.

සබැඳි පුවත්

නීතිඥ විරෝධයට එරෙහි බී වාර්තාව ගැන මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට නියෝගයක් : හෙට අලුත්කඩේ තවත් කළු කබා වැඩක් !

මහේස්ත්‍රාත්ට නීතිපති බලපෑම් කිරීම : නීතිඥ විරෝධතාවට එරෙහිව පොලිසිය උසාවියට කරුණු වාර්තා කරයි : හේතුව තීරණාත්මක නියෝග දෙක ද ?

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...