රාජ්‍ය විරෝධී ගැටුම් උග්‍ර අතට : රටවල් කිහිපයකම විරෝධතා

Share post:

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර කේන්ද්‍රකර ගනිමින් අගමැති පේද්‍රෝ සැන්චෙස් ප්‍රමුඛ වාමංශික ආණ්ඩුවට එරෙහිව මැඩ්රිඩ් හිදී දැවැන්ත විරෝධතාවක් ආරම්භ වී තිබේ.

විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයා “ද්‍රෝහියෙකු” ලෙස සඳහන් පුවරු සහ ස්පාඤ්ඤ ධජ අතැතිව විරෝධතාවයේ යෙදුණු අතර අග්‍රාමාත්‍යවරයාට තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කළේය.

විරෝධතාකරුවන් චෝදනා කරන්නේ, එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය, ව්‍යවස්ථාව හෑල්ලුවට ලක් කරන බවයි.

එමෙන්ම වත්මන් ආණ්ඩුව ස්ත්‍රී දූෂකයින් සඳහා වන දඬුවම් දැඩි කළද වෙනත් ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට එරෙහි දඬුවම් ලිහිල් කර ඇති බවට විරෝධතාකරුවන්ගේ චෝදනාව වී තිබේ.

විරෝධතා රැළියේදී මාධ්‍යවේදීන් අමතමින් වොක්ස් නායක සන්තියාගෝ ඇබස්කල්, පවසා සිටියේ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණ වලට නායකත්වය දුන් පුද්ගලයින් සහ ස්ත්‍රී දූෂකයින් නිදහස් කරමින් සිටින වත්මන් රජය, ඉතිහාසයේ දූෂිතම රජය” බවයි.

මෙම විරෝධතාව සඳහා දක්ෂිනාංශික සිවිල් සමාජ කණ්ඩායම් රැසක් එක්ව ඇති අතර එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ විසින් එය මෙහෙයවා ඇත.

මේ අතර පේරු රාජ්‍යයේද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ යළි තීව්‍ර වී තිබේ. 1500කට අධික විරෝධතාකරුවන් පිරිසක් පැමිණ එරට පොලිස් ස්ථානවලට පහර දී ඇති අතර පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ලීසා නගරයේ ඉපැරණි ගොඩනැගිල්ලක් ද විරෝධතාවයන් අතරතුර ගිනිගෙන තිබේ.

එමෙන්ම මෙම විරෝධතා හේතුවෙන් සුප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානයක් වන මාචුපිචු වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර ඇත. මාචුපිචු නැරඹීමට ගිය සංචාරකයින් 417 දෙනෙකු ඉන් පිටතට යාමට නොහැකිව සිරවී ඇති බව සංචාරක අමාත්‍ය ලුයිස් ෆර්ඩිනන්ඩ් හෙල්ගුඒරෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

ඔවුන්ගෙන් 300 කට වැඩි පිරිසක් විදේශිකයන් බව සඳහන් වේ. සංචාරකයින්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් එහි රඳවාලීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇති අතර ක්‍රම ක්‍රමයෙන් ඔවුන් එයින් ඉවතට ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පවසා ඇත.

පේරු හි හිටපු ජනාධිපතිවරයා නෙරපා දැමීමත් සමඟ ඇතිවූ විරෝධතා හේතුවෙන් විරෝධතාකරුවන් එලෙස ඓතිහාසික ස්ථාන සහ ගොඩනැගිලි ගිනි තබමින්, මහාමාර්ග සහ දුම්රිය මාර්ගවලට හානි කර ඇති බවටද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සබැඳි පුවත්

බ්‍රසීලය : ආධාරකරුවන් 3,000ක් ජනාධිපති මන්දිරය – ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලති !

Related articles

2025 වසරේ නිර්මාණය වුනු හොඳම චිත්‍රපටයක් ලෙස Sentimental Value (2025) නම් කළ හැකියි

මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රධාන හේතුවක් වූයේ අධ්‍යක්ෂක Joachim Trier සහ මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Renate Reinsve. Trier...

කතා කළ යුතු තැන සහ නැති තැන, හෙවත් වැඩසටහනක් මෙහෙයවන විදිය, ෂෆාක්ගෙන් ඉගෙනගන්න

පොතක ප්‍රධාන චරිතයට තමන්ගේ භූමිකාව හොඳින් කරගෙන යන්න දායක වන, අප්‍රධාන, සුළු සහ සෙසු චරිත ගැන කවදත් මගේ...

නතාෂා : ඊයේ සහ අද !

2023 ජූලි මාසයේදී දේවගැතිවරයකු ලෙස හඳුන්වාගන්නා ජෙරොම් ප්‍රනාන්දු සිංගප්පූරුවේ සිට එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබිණි. ඔහු මෙසේ එක්සත්...

කාබුල්හි අරුම කතන්දර කියන්නා; කාබුල් දස්තාන්

පොඩිහිටියාගේ සිට වැඩිහිටියා බවට එළඹුණු හැරවුම් කාලයේ දි, මාමා කෙනෙක් මට පොතක් ගෙනැවිත් දෙනවා. එහි නම, 'ලේ හුරු...