බ්‍රසීලය : ආධාරකරුවන් 3,000ක් ජනාධිපති මන්දිරය – ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලති !

Share post:

බ්‍රසීලයේ හිටපු නායක ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය සහ කොංග්‍රස් ගොඩනැගිල්ල අත්පත් කරගෙන තම නායකයා යළි බලයේ පිහිටුවන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ යෙදුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආධාරකරුවන් 3000කට අධික පිරිසක් පොලිස් බාධක බිඳ එලෙස එම ගොඩනැගිලි වල බලය තමන් සතු කොටගෙන තිබේ.

ඊයේ (09) සවස වනතෙක් පැය ගණනක් පුරා පොලිසිය සහ ඔවුන් අතර ගැටුම් පැවති අතර අනතුරුව අගනුවර පිහිටි මෙම ගොඩනැගිලිවල පාලනය යළි පොලිසිය අත්කරගෙන ඇත.

ජාතික ධජ ද අතැතිව කහ, කොළ සහ නිල් වර්ණ සහිත ඇඳුමින් සැරසී සිටි විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබේ.

කෙසේවෙතත්, විරෝධතා අතරතුර සිදු වූ මරණ හෝ තුවාල වීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට ජනාධිපති ලූලා ගොඩනැගිලි වලට හානි සිදුවී තිබේද යන්න සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ සංචාරය කර තිබේ.

සංචාරය කිරීමෙන් අනතුරුව ගොඩනැගිලි අත්පත් කර ගැනීම ෆැසිස්ට්” ක්‍රියාවක් බවත් එය හෙළා දකින බවත් ඔහු පවසා ඇත.

අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ වනවිට පුද්ගලයින් 200 ක් පමණ දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර රජයේ ගොඩනැගිලි ඇති ප්‍රධාන මාවත් ඇතුළු අගනුවර කේන්ද්‍රය පැය 24ක් වසා දැමීමට ද ජනාධිපති ලූලා නියෝග කර ඇත.

බ්‍රසීලයේ නව ජනාධිපති “ලූලා” දිවුරුම් දෙයි

Pic by : Internet
Image Credits : Reuters
Image Credits | Reuters: Ueslei Marcelino

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...