බ්‍රසීලය : ආධාරකරුවන් 3,000ක් ජනාධිපති මන්දිරය – ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලති !

Share post:

බ්‍රසීලයේ හිටපු නායක ජෙයාර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් දහස් ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති මන්දිරය සහ කොංග්‍රස් ගොඩනැගිල්ල අත්පත් කරගෙන තම නායකයා යළි බලයේ පිහිටුවන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ යෙදුණු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආධාරකරුවන් 3000කට අධික පිරිසක් පොලිස් බාධක බිඳ එලෙස එම ගොඩනැගිලි වල බලය තමන් සතු කොටගෙන තිබේ.

ඊයේ (09) සවස වනතෙක් පැය ගණනක් පුරා පොලිසිය සහ ඔවුන් අතර ගැටුම් පැවති අතර අනතුරුව අගනුවර පිහිටි මෙම ගොඩනැගිලිවල පාලනය යළි පොලිසිය අත්කරගෙන ඇත.

ජාතික ධජ ද අතැතිව කහ, කොළ සහ නිල් වර්ණ සහිත ඇඳුමින් සැරසී සිටි විරෝධතාකරුවන් පළවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබේ.

කෙසේවෙතත්, විරෝධතා අතරතුර සිදු වූ මරණ හෝ තුවාල වීම් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට ජනාධිපති ලූලා ගොඩනැගිලි වලට හානි සිදුවී තිබේද යන්න සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ සංචාරය කර තිබේ.

සංචාරය කිරීමෙන් අනතුරුව ගොඩනැගිලි අත්පත් කර ගැනීම ෆැසිස්ට්” ක්‍රියාවක් බවත් එය හෙළා දකින බවත් ඔහු පවසා ඇත.

අධිකරණ අමාත්‍ය ෆ්ලේවියෝ ඩිනෝ ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ වනවිට පුද්ගලයින් 200 ක් පමණ දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර රජයේ ගොඩනැගිලි ඇති ප්‍රධාන මාවත් ඇතුළු අගනුවර කේන්ද්‍රය පැය 24ක් වසා දැමීමට ද ජනාධිපති ලූලා නියෝග කර ඇත.

බ්‍රසීලයේ නව ජනාධිපති “ලූලා” දිවුරුම් දෙයි

Pic by : Internet
Image Credits : Reuters
Image Credits | Reuters: Ueslei Marcelino

Related articles

ඔබ දන්නා ලලිත්, සහ මා දන්නා ලලිත්

රුක්මණි දේවියගේ සිට බොහෝමයක් රංගන ශිල්පිණියන්ගේ කේෂාලංකරණ ශිල්පියා ලෙස කටයුතු කල ලලිත් ධර්මවර්ධන මහතා පසුගිය 06 අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත...

සම්මානී ගේ සිහිනලන්තය යනු ළමා වියේ පරිකල්පනය අවදි කරන්නට භාවිතා කල හැකි යතුරකි

'සිහිනලන්තය' - සම්මානී විජේසිංහ මගේ පැටි වියෙහි මුල්ම මතක සැබෑ සිදුවීම් නිසා ඇතිවූවක්ද නැතිනම් ඒ මගේ පරිකල්පනීය ලෝකය තුළ...

‘මන්දාකිණී තිබේ හැන්දෑවකදි හමුවන’ – චම්පිකා විජේසිංහ

කවියක සියුම්බව නිසි මාත්‍රාවෙන් සංතෘප්ත කරන්නට හැකිවීම යනු නිර්මාණකරුවෙකුගේ මෙන්ම පාඨකයකුගේද ලෝකය විචිත්‍රවත් කරන්නට හේතුවන්නකි. එවන් කවියක් කියවන...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කාගේ ද?, ඉතිහාසයේ පාඩම් දැන, අරමුණු ජය ගමු ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට මේ රජය විසින් සැලසුම් සකස් කොට ඇතැයි අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය...