ස්වාධීන කොමිෂන් සභා ප්‍රශ්න අනිද්දාට ලිහෙයිද? : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් !

Share post:

ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ නව සාමාජිකයන් පත්කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (25) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතුය. එහි මුළු සාමාජිකයන් සංඛ්‍යාව 10කි.

ඒ අනුව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂ නායකවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ වන විට ව්‍යවස්ථා සභාවට නම් කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා නම් කළ ද, ඒ සඳහා උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් උදය ගම්මන්පිල නම් කිරීමත් සමග යම් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන්
ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඒ අනුව 25දා පූර්ණ සභාවක් ලෙස රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය පළමු කාර්යය ලෙස ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා නව සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් thetime.lk වෙත පැවසීය.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට පුරප්පාඩුව පවතින විනිසුරු ධුරයක් සඳහා දැනට අධිකරණ ක්ෂේත්‍රයේ සිටින ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකුගේ නම අනුමත කිරීම ද මෙහිදී සිදුවනු ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසම, විගණන කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් මෙහිදී අදාළ තීරණ ගනු ඇත.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...