ස්වාධීන කොමිෂන් සභා ප්‍රශ්න අනිද්දාට ලිහෙයිද? : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් !

Share post:

ස්වාධීන කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ නව සාමාජිකයන් පත්කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනිද්දා (25) පෙරවරු 9.30ට රැස්වීමට නියමිත ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතුය. එහි මුළු සාමාජිකයන් සංඛ්‍යාව 10කි.

ඒ අනුව කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විපක්ෂ නායකවරයා විසින් පත්කරන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ආණ්ඩුවේ බහුතර මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා ලෙස පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මේ වන විට ව්‍යවස්ථා සභාවට නම් කර ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා නම් කළ ද, ඒ සඳහා උත්තර ලංකා සභාගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් උදය ගම්මන්පිල නම් කිරීමත් සමග යම් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන්
ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න පත්කිරීමට පසුගියදා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

ඒ අනුව 25දා පූර්ණ සභාවක් ලෙස රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සිය පළමු කාර්යය ලෙස ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා නව සභාපතිවරුන් සහ සාමාජිකයන් පත්කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් thetime.lk වෙත පැවසීය.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට පුරප්පාඩුව පවතින විනිසුරු ධුරයක් සඳහා දැනට අධිකරණ ක්ෂේත්‍රයේ සිටින ජ්‍යේෂ්ඨ විනිසුරුවරයකුගේ නම අනුමත කිරීම ද මෙහිදී සිදුවනු ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසම, විගණන කොමිසම, පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, මානව හිමිකම් කොමිසම, මුදල් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, සීමා නිර්ණ කොමිසම, විගණන කොමිසම යන ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් මෙහිදී අදාළ තීරණ ගනු ඇත.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...