නීතිඥ විරෝධය : දේශබන්දු වගකීම පාස් කරයි : කෙසෙල්වත්ත ඕඅයිසීට වැඩ වරදින ලකුණු : අපි දන්නෙවත් නෑ – මාධ්‍ය ප්‍රකාශක

Share post:

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්වීමට එරෙහිව අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රය අසල පැවති සාමකාමී විරෝධතාවට සහභාගි වූ නීතිඥවරුන් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් කඩිනම් වාර්තාවක් ඉල්ලා තිබේ.

ඒ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් එම සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉල්ලීමෙන් පසුව ය.

වාචික උපදෙස්

පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ දේශබන්දු තෙන්නකෝන් විසින් වාචික ව ලබාදුන් උපදෙස් මත කෙසෙල්වත්ත පොලිසිය මගින් මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි. මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ කරුණු විමසීම සම්බන්ධයෙන් සූම් ඔස්සේ පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති සාකච්ඡාවකදී බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ කෙසෙල්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසිය යුතු බවකි. මෙම සාකච්ඡාවට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් එක්වී තිබේ.

‘අපි දන්නෙවත් නෑ’

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසන්නේ පොලිස්පතිවරයාගේ හෝ පොලිස් නීති කොට්ඨාසයේ උපදෙස් ලබාගැනීමකින් තොරව, මෙසේ අදාළ විරෝධතාව පිළිබඳ කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

මානව හිමිකම් කොමිසම

මෙම සාමකාමී විරෝධතාවේදී උල්ලංඝනය වූ නීති මොනවාද යන්න සහ අදාළ බී වාර්තාව ඉදිරිපත් කිරීමේ පදනම කුමක්ද යන්න සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැඩි අවධානයෙන් සිටින බව ද පොලිස්පතිවරයාට කොමිසම විසින් කර ඇති දැනුම්දීමේ සඳහන් ය.

මේ සම්බන්ධයෙන් thetime.lk පසුගිය 20දා විශේෂ ප්‍රවෘත්තියක් වාර්තා කළ අතර, එහිදී අප විසින් අවධාරණය කරන ලද්දේ මෙමගින් අදහස් ප්‍රකාශනයේ අයිතියට එල්ලකෙරෙන වක්‍ර බලපෑම පිළිබඳවයි.

නඩු අංක B/84532/01/23 යටතේ මෙසේ අදාළ විරෝධතාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එමගින් මහජන පීඩාවක් සහ මාර්ගය අවහිර කිරීමක් සිදුව ඇති බවයි. එසේ ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බව ද එහි සඳහන් වෙතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. නුවන් බෝපෙගේ, ගුණරත්න වන්නිනායක සහ සේනක පෙරේරා යන නීතිඥවරුන් මෙහි වගකිවයුතු පාර්ශ්ව ලෙස දක්වා තිබේ. මාස කිහිපයක සිට ම විදේශගතව සිටින නීතිඥ සේනක පෙරේරාගේ නම ද මෙහි ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

‘කොන්දේසි විරහිතව පෙනීසිටිනවා’

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය අවධාරණය කරන්නේ සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අහිමි කිරීමට පොලිසියට හෝ නීතිපති දෙපාර්තමේන්තුවට හෝ ඉඩනොදිය යුතු බවයි. එසේ ම මෙමගින් නීතිඥවරුන් බියවැද්දීමේ නිර්ලජ්ජිත උත්සහයක් ගෙන ඇති බවත්, එම උත්සාහය පරාජය කිරීමට කොන්දේසි විරහිතව පෙනීසිටින බවත් එම සංගමයේ විධායක කමිටුව නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

පසුගිය 18දා කොළඹ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව මගින් කළ බලපෑමකට එරෙහිව 19දා නීතිඥ සාමූහිකය මගින් මෙම විරෝධතාව පවත්වන ලදි.

සබැඳි පුවත්

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...