ඉන්දියාව – චීනය – ජපානය – ප්‍රංශය මූල්‍ය අරමුදලට ලංකාව ගැන සහතික දෙයි : අප්‍රේල් මුල ගැන බලාපොරොත්තුවක් !

Share post:

ශ්‍රී ලංකාවට මූල්‍ය සහයෝගය ලබාදීමට සහ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතු කිරීමට තමන් සූදානම් බව ඉන්දියාව, චීනය, ජපානය සහ ප්‍රංශ සමාජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිල වශයෙන් දැනුම්දීමට සූදානම් වේ.

ඉන්දියාව පසුගිය 16දා මීට අදාළ මූලික දැනුම්දීම සිදු කළ අතර, චීනය එම මූලික දැනුම් දීම අද (22) සිදුකරනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද මෙම රටවල් විසින් දැනුම් දී ඇත. පසුගිය 19 සහ 20 දින දෙකේදී මෙරට සංචාරය කළ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් ඇතුළු කණ්ඩායම විසින් ඊට අදාළ ඉන්දීය සහතිකය ලබාදී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ ඇතුළු කණ්ඩායම ද මෙරට සංචාරය අවසන් කර පසුගිය 18දා මෙරටින් පිටත්ව ගියේය.

ඉන්පසු චීන රජයෙන් ද දැනුම් දී ඇත්තේ ජනවාරි මාසයේ අවසාන සතිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව සම්බන්ධයෙන් සිය විශ්වාසය පළකිරීමට සූදානම් බවයි.

මීට අමතරව ජපානය සහ ප්‍රංශ සමාජය ද සිය මූල්‍ය සහයෝගය ලංකාවට ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානම් වේ.

මේ වන විට ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති ආකාරයට මෙම රටවල් කටයුතු කළහොත් ඉදිරි සති 4ක හෝ 5ක හෝ කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංකාවට මූල්‍ය සහයෝගය ලබාදීමට අදාළ අවසාන තීරණය ගනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. එසේ වුවහොත් මුල් වටයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහයෝගයක් ලැබීමට නියමිත ය. එය මාර්තු මාසය අවසානයේදී හෝ අප්‍රේල් මාසය තුළ දී සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද අදාළ නිලධාරියා thetime.lk වෙත විශ්වාසය පළකළේය.

මෙම කටයුතු සාර්ථකව සිදුවුවහොත්, ඉන්පසු ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා වන මූල්‍ය සහයෝගයක් අපේක්ෂා කළ හැකි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...