ඉන්දියාව – චීනය – ජපානය – ප්‍රංශය මූල්‍ය අරමුදලට ලංකාව ගැන සහතික දෙයි : අප්‍රේල් මුල ගැන බලාපොරොත්තුවක් !

Share post:

ශ්‍රී ලංකාවට මූල්‍ය සහයෝගය ලබාදීමට සහ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ කටයුතු කිරීමට තමන් සූදානම් බව ඉන්දියාව, චීනය, ජපානය සහ ප්‍රංශ සමාජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නිල වශයෙන් දැනුම්දීමට සූදානම් වේ.

ඉන්දියාව පසුගිය 16දා මීට අදාළ මූලික දැනුම්දීම සිදු කළ අතර, චීනය එම මූලික දැනුම් දීම අද (22) සිදුකරනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ද මෙම රටවල් විසින් දැනුම් දී ඇත. පසුගිය 19 සහ 20 දින දෙකේදී මෙරට සංචාරය කළ ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස්. ජායිශන්කර් ඇතුළු කණ්ඩායම විසින් ඊට අදාළ ඉන්දීය සහතිකය ලබාදී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති චෙන් ෂූ ඇතුළු කණ්ඩායම ද මෙරට සංචාරය අවසන් කර පසුගිය 18දා මෙරටින් පිටත්ව ගියේය.

ඉන්පසු චීන රජයෙන් ද දැනුම් දී ඇත්තේ ජනවාරි මාසයේ අවසාන සතිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලංකාව සම්බන්ධයෙන් සිය විශ්වාසය පළකිරීමට සූදානම් බවයි.

මීට අමතරව ජපානය සහ ප්‍රංශ සමාජය ද සිය මූල්‍ය සහයෝගය ලංකාවට ලබාදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට සූදානම් වේ.

මේ වන විට ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති ආකාරයට මෙම රටවල් කටයුතු කළහොත් ඉදිරි සති 4ක හෝ 5ක හෝ කාලය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංකාවට මූල්‍ය සහයෝගය ලබාදීමට අදාළ අවසාන තීරණය ගනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය. එසේ වුවහොත් මුල් වටයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මූල්‍ය සහයෝගයක් ලැබීමට නියමිත ය. එය මාර්තු මාසය අවසානයේදී හෝ අප්‍රේල් මාසය තුළ දී සිදුවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද අදාළ නිලධාරියා thetime.lk වෙත විශ්වාසය පළකළේය.

මෙම කටයුතු සාර්ථකව සිදුවුවහොත්, ඉන්පසු ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා වන මූල්‍ය සහයෝගයක් අපේක්ෂා කළ හැකි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related articles

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...