හැරීගේ “Spare” ගිනස් වාර්තා අලුත් කරයි

Share post:

හැරී කුමරුගේ මතක ඇතුලත් ආන්දෝලනාත්මක “Spare” කෘතිය ගිනස් වාර්තා අලුත් කර තිබේ.

ඒ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට පත්වෙමිනි.

පොත එළිදක්වා පැය 24 ඇතුලත එහි පිටපත් මිලියන 1.43 ක් අලෙවි වී ඇත.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ A Promised Land කෘතියටයි.

එය ප්‍රකාශයට පත්කළ දිනයේදී 887,000ක පිටපත් ප්‍රමාණයක් අලෙවී වී තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ග්‍රන්ථය භාෂා 15කින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

පොත එළිදැවීමට දින 5 පෙර ස්පාඤ්ඤ භාෂාවට නගා තිබුණු Spare හි පිටපතක් මාධ්‍යයට හමුවීමත් සමග එහි ආන්දෝලානාත්මක යම් සිද්ධීන් කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

එයත් සමග පොතට ඉහළ ඉල්ලුමක් ලැබුණු බවත් පොත් සාප්පු ඉදිරිපිට පොත මිලදී ගැනීමට පිරිස් එක් රැස් වී සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවට හැරී කුමරු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බවය.

සබැඳි පුවත්

හැරීගේ “Spare” කෘතියට වාර්තාගත අලෙවියක්

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...