හැරීගේ “Spare” ගිනස් වාර්තා අලුත් කරයි

Share post:

හැරී කුමරුගේ මතක ඇතුලත් ආන්දෝලනාත්මක “Spare” කෘතිය ගිනස් වාර්තා අලුත් කර තිබේ.

ඒ ප්‍රබන්ධ නොවන ග්‍රන්ථ අතරින් ලොව වේගයෙන්ම අලෙවි වූ ග්‍රන්ථය බවට පත්වෙමිනි.

පොත එළිදක්වා පැය 24 ඇතුලත එහි පිටපත් මිලියන 1.43 ක් අලෙවි වී ඇත.

මීට පෙර එම වාර්තාව හිමිව තිබුණේ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඔබාමා විසින් 2020 වර්ෂයේදී ප්‍රකාශයට පත්කළ A Promised Land කෘතියටයි.

එය ප්‍රකාශයට පත්කළ දිනයේදී 887,000ක පිටපත් ප්‍රමාණයක් අලෙවී වී තිබිණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම ග්‍රන්ථය භාෂා 15කින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

පොත එළිදැවීමට දින 5 පෙර ස්පාඤ්ඤ භාෂාවට නගා තිබුණු Spare හි පිටපතක් මාධ්‍යයට හමුවීමත් සමග එහි ආන්දෝලානාත්මක යම් සිද්ධීන් කිහිපයක් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් කළේය.

එයත් සමග පොතට ඉහළ ඉල්ලුමක් ලැබුණු බවත් පොත් සාප්පු ඉදිරිපිට පොත මිලදී ගැනීමට පිරිස් එක් රැස් වී සිටි බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ග්‍රන්ථය හේතුවෙන් තමන්ටත් තම පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ලවී ඇති බවට හැරී කුමරු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරක්ෂාව මේ වනවිට තර කර ඇති බවය.

සබැඳි පුවත්

හැරීගේ “Spare” කෘතියට වාර්තාගත අලෙවියක්

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...