සැමියා මෙලොව හැර ගිය අයුරින්ම ඊයේ අංජු කතිවාඩා ජිවිතයට සමුදෙයි

Share post:

දෛවය කියන්නේ මහ පුදුම දෙයක් කියලා හිතෙන්නේ සමහර සිදුවීම් එක්ක බැඳිලා තියෙන කතා කියවද්දී. හැමෝම දන්නවා ඇති නේපාලයේ ගුවන් යානයක් කඩා වැටිලා විශාල පිරිසක් මියගියා කියලා.

මේ ගුවන් යානය කඩා වැටෙන වෙලාවේ එහි සහාය නියමුවරිය විදිහට කටයුතු කළේ මේ පහළ ඡායාරූපයේ සිටින අංජු කතිවාඩා. ඇය 2010 දී තමා නියමුවරියක් ලෙස සේවයට එක්වෙන්නේ. වසර 12ක් වගේ ඇති එතකොට ඇයගේ පළපුරුද්ද. ගුවන් පැයවලින් කිව්වොත් පැය 6400ක්..අංජු ගුවන් සේවයට එකතු වෙන්නේ හරිම අපුරු විදිහකට. අංජුගේ සැමියා දීපක් පොක්රෙල්, ඇය සේවය කළ නේපාලයේ Yeti Airlines හී ම ගුවන් නියමුවෙකු ලෙස සේවය කළා.

දීපක් සේවය කරමින් සිටියේ DHC-6 Twin Otter ව‍ර්ගයේ ගුවන් යානයක නියමුවෙකු විදිහට. 2006 දී දීපක් නේපාලයේම ජුම්ලා වෙත පියාසැර කරමින් ඉන්න අවස්ථාවේ ගුවන් යානාව කඩා වැටිලා අවාසනාවන්ත ලෙස මිය යනවා.
සිය සැමියාගේ මරණයෙන් පස්සේ අංජු ජිවිතය අත අරින්න ලෑස්ති වුණේ නැහැ ඒ වෙනුවට ඇය සැමියාගේ මරණය නිසා රක්ෂණයෙන් හිමි වූ මුදලින් වැඩක් ගන්න හිතනවා. ඇය කරන්නේ සිය සැමියාගේ මඟ යමින් ගුවන් නියමුවරියක් වෙන්න ඉගෙන ගන්න එක.

ඉන් හරියටම වසර 16කට පස්සේ ඊයේ (15) දිනයේ දී ඇය ගමන් කරපු ATR 72 වර්ගයේ ගුවන් යානාව කඩා වැටිලා ඇයටත් දිවි අහිමි වෙනවා. ඒ නේපාල ඉතිහාසයේ දශක 03ක් තුළ සිදුවූ මාරාන්තිකම සහ ‍ඛේදජනකම ගුවන් අනතුර ඉතිහාසයට එකතු කරමින්.

“ඇත්තටම දෛවය මහ පුදුම දෙයක් නෙමෙයිද?”

සංජේ රණවක

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...