සේපාල්ට බන්ධනාගාරයේදී ප්‍රහාරයක් : පැමිණිල්ලක් ලැබුණා – කොමසාරිස්

Share post:

සමාජ ක්‍රියාකාරී සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළ දී ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය.

බෞද්ධ ආගමික ස්ථානයකට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට චෝදනා එල්ල වීම නිසා සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගැනිණි.ඉන්පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඔහුට පෙරේදා (07) දහවල් පහරදීමක් සිදුකර ඇත.

මෙම පහරදීමට බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වේ.

පහර කෑම නිසා සේපාල් අමරසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණද, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බැවින් ඊයේ (08) දහවල් නැවත රක්ෂිත බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් ද ඊයේ (08) බන්ධනාගාරයට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...