සේපාල්ට බන්ධනාගාරයේදී ප්‍රහාරයක් : පැමිණිල්ලක් ලැබුණා – කොමසාරිස්

Share post:

සමාජ ක්‍රියාකාරී සේපාල් අමරසිංහට බන්ධනාගාරය තුළ දී ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් thetime.lk කළ විමසීමකට පිළිතුරු දෙමින් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ සිදුවීම පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය.

බෞද්ධ ආගමික ස්ථානයකට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවට චෝදනා එල්ල වීම නිසා සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගැනිණි.ඉන්පසු රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඔහුට පෙරේදා (07) දහවල් පහරදීමක් සිදුකර ඇත.

මෙම පහරදීමට බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල වේ.

පහර කෑම නිසා සේපාල් අමරසිංහ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණද, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බැවින් ඊයේ (08) දහවල් නැවත රක්ෂිත බන්ධනාගාරයට රැගෙනවිත් තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් ද ඊයේ (08) බන්ධනාගාරයට පැමිණ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇත.

Related articles

මිනිස්සු අහද්දි ආදරය මොනවගේද කියලා උත්තරය මේකයි

තමන්ගේ කොණ්ඩා වියලන යන්ත්‍රය විකුණලා ඔහුගෙ අත්පිටපත තැපැල් කරන්න මුදල් දුන්න ඇය පස්සෙ ඒ පොත නොබෙල් සම්මාන දිනන...

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...