නාඋල පොලිස් ඝාතනය : ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක් !

Share post:

නාඋලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයකුගේ මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලතල දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු පිරිසක් නීතිඥවරුන් ලෙස, නීතිඥ නිල ඇඳුමෙන් යෑමත්, ඒ සඳහා මැදිහත්වීමත් නීතිඥ වෘත්තියේ ආචාරධර්ම කඩකිරීමක් බැවින් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මිය ගිය පුද්ගලයාගේ බිරිඳ අගනිවිසුරුවරයාට, ජාතික පොලිස් කොමිෂන් සභාවට, පොලිස්පතිට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිලි කර තිබේ.

1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 07, අංක 08, අංක 09 සහ අංක 10 යන රීති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු පොලිස් නිතීඥවරුන් යැයි කියාගන්නා පිරිසක් විසින් කඩකරනු ලැබ ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.

එලෙස රුවන් ගුණසේකර ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිලි කර ඇත්තේ නාඋලදී 2022 මාර්තු මස 03 වැනිදා පොලිස් වෙඩිපහරින් මිය ගිය අලුත්ගෙදර තුෂාර චන්ද්‍රරත්නගේ බිරිඳ වන අමරකෝන් ගෙදර දිනූෂා තුෂාරි නම් දෙදරු මවකි.

තම ස්වාමිපුරුෂයා පොලිසියෙන් වෙඩි තබා මරා දමන අයුරු ඇසින් දුටු සාක්කිකරුවන් සිටියදී නාඋල පොලිස් ස්ථානාධිපතිවරයා ඒ වාර්තාවක් මගින් කරුණු වාර්තා කරමින් ගිනි අවිය පොරබැදීමකදී මාගේ ස්වාමිපුරුෂයා අතින් පත්තුවූ බවට සඳහන් කර ඇතැයි ද, රුවන් ගුණසේකර ඇතුළු පිරිසක් නීතිඥවරුන් ලෙස නීතිඥ නිලඇඳුමෙන් පැමිණ නීතිඥවරුන්ගේ මේසයේ වාඩිගෙන සිට මෙම නඩුව කැඳවූ නොවැම්බර් 29 දින කරුණු දැක්වීමක් කරමින් තමා කෙතරම් ස්වාධීනව පරීක්ෂණය සිදු කරන්නේද යන්න මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවද්දී දැකගත හැකි වනු ඇති බවත්, වෙඩි තැබීම හා සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනා එහිදී දණ්ඩ නීති සංග්‍රහයේ ව්‍යතිරේකවලට අනුව නිදහස් වන බව මහේස්ත්‍රාත්වරියට පෙනී යනු ඇති බවත් සඳහන් කළ බව ද පැමිණිල්ලේ දැක්වේ.

රුවන් ගුණසේකර ඇතුළු නීතිඥ කණ්ඩායම පොලිසියේ නිලතල දරමින් සිටින බවත්, ඔවුන් නීතිඥවරුන් ලෙස මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවනු ලබන්නේ ඔවුන් නියෝජනය කරනු ලබන පොලිසියේම නිලධාරියකු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් බවත්, පොලිසියේ සේවය කර පොලිසියෙන් වැටුප් ලබන ඔවුන් මෙලෙස ද්විත්ව චරිත ලෙස අධිකරණයේ කටයුතු කිරීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවත් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ තම පැමිණිල්ල මගින් සඳහන් කර තිබේ.

1988 ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 07, 08, 09 සහ 10 ඇතුළු නීති රීති අනුව මෙය නීතිඥ ආචාරධර්ම උල්ලංඝණය කිරීමක් බැවින් ඔවුන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ඇති ඇය, මෙම සිද්ධියේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සහභාගී කරවන ලෙස ද ඉල්ලා ඇත.

පොලිස් සැරයන් පපුවට වෙඩි තැබූ බවට සාක්ෂි 03ක් : පොලිසිය සටහන් ටිපෙක්ස් කළ බව අධිකරණයේදී ඔප්පු වෙයි !

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...