තීරණාත්මක ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි විස්සයි 20 තරගය අද

Share post:

ඉන්දීය කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහභාගි වන තීරණාත්මක දෙවැනි විස්සයි20 තරගය අද (5) රාත්‍රී 7.00ට පූනේහිදී ආරම්භ වීමට නියමිතය.

පෙරේදා (03) දෙපිල අතර අතර මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයෙදී පැවති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් හිමි කරගත් ඉන්දියාව මේ වනවිට තරග 3කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන තිබේ.

එම නිසා අද තරගය දෙපිලටම තීරණාත්මක තරගයක් වනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් මත පළ කර ඇත.

පූනේහි මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයට අද ශ්‍රී ලංකා පිල විස්සයි20 තරගයකින් පිවිසෙන්නේ තෙවැනි වරටය.

මින් පෙර 2016 සහ 2020දී ඉන්දියාවට එරෙහිව තරග දෙකකට සහභාගිවී ඇත.

ශ්‍රී ලංකා පිල 2016 දී සහභාගි වුණු තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත්ව තිබේ.

සබැඳි පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය නූලෙන් ගිලිහෙයි!

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...