අමෙරිකාව චීන ජාතිකයින්ට සීමා පනවයි

517

අමෙරිකාවට පැමිණෙන චීන ජාතික සංචාරකයින් සඳහා කොවිඩ් පරීක්ෂණ සිදුකිරීම අනිවාර්ය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අමෙරිකාවට පැමිණීමට දින දෙකකට පෙර කොවිඩ් ධනාත්මක නොවන බව සතාන කළ යුතු අතර ඔවුන්ගේ ගුවන් සමාගමට කොවිඩ් පරීක්ෂණය පිළිබඳ ලිඛිත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුව ඇත.

චීනයේ කොවිඩ් රෝගීන් වාර්තා වීම යළිත් වරක් ඉහළ යාමත් සමග අමෙරිකාව විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

එමෙන්ම චීනයේ සිට සෘජුවම එක්සත් ජනපදයට සංචාරය කරන මගීන්ට මෙන්ම හොංකොං , මැකාවු , සෝල්, ටොරොන්ටෝ සහ වැන්කුවර් සිට සංචරය කරන මගීන්ට මෙම පරික්ෂණ සටහන් යොමු කිරීම අත්‍යාවශ්‍යය වේ.

මේ අතර අමෙරිකාවට අමතරව ඉතාලිය, ජපානය, මැලේසියාව, තායිවානය සහ ඉන්දියාව ද මේ වන විටත් චීන ජාතිකයින් රට තුළට ඇතුළුවීමේ දී සීමාවන් පැනවීමට පියවර ගෙන ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සබැඳි පුවත්

චීනයේ කොවිඩ් යළි භයානක තත්වයක