දරුවන්ට පාසල් නොගිහින් රස්සා කරන්න වෙලා : මාපියන් එක්ක පාරට බහිනවා

Share post:

මුළුමනින්ම අඳුරට ඇද දමා තිබෙනවා. යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ පැවසූවාය.

ඇය මේ බව පවසා සිටියේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පවසා සිටියාය.

අධ්‍යාපන ඇමති ඉන්නවාද කියලා හොයා ගන්න නැහැ. මේ නිසා සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ කරනවා වෙනුවට පවුලට ආදායම් හොයන්නෙක් වෙන්න දරුවන් උත්සාහ කරනවා. අඩු වයසින් එවැනි තරගයකට, සමාජයකට යොමුවෙන දරුවා මත්ද්‍රව්‍යවලටත්, වෙනත් අපයෝජනවලටත් ලක්වෙනවා.

අධ්‍යාපනය ලැබිය යුතු දරුවෝ මෙවැනි තත්වයකට ඇද දැමූ පාලකයන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සමස්තයක් අඩුවීම ගැනත් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. මේ නිසා මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරන බවට බොරු මාධ්‍ය සංදර්ශන වෙනුවට දරුවන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන හොයා බලන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.

ලබන අවුරුද්දේ විදුලි බිල තවත් වැඩිකළාම එයින් අධ්‍යාපනය බිඳ වැටීමේ වගකීමත් ආණ්ඩුව ගන්න ඕනෑ. ජාතික අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳදමමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. දරුවෝ දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න අම්මා තාත්තලා එක් දරුවෙක් පාසලකට ඇතුළත් කරන්න රුපියල් 50,000ක විතර වියදමක් දරන්නේ කොහොමද?

අසංවේදී නායකයෝ අපේ දරුවන්ගේ අධ්‍යාපනය වළප්ට ගෙනයාම වහාම නතර කරන ලෙස අපි බලකර සිටිනවා. අධ්‍යාපන උපකරණවල බදු වහාම අඩුකර උසස් පෙළ හදාරණ දරුවන්ට පහසුකම් ලබාදෙන ලෙස බලකරනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මාපියන් එක්ක පාරට බහින්න සූදානම් බව අපි අවධාරණය කරනවා.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...