දරුවන්ට පාසල් නොගිහින් රස්සා කරන්න වෙලා : මාපියන් එක්ක පාරට බහිනවා

Share post:

මුළුමනින්ම අඳුරට ඇද දමා තිබෙනවා. යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ පැවසූවාය.

ඇය මේ බව පවසා සිටියේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පවසා සිටියාය.

අධ්‍යාපන ඇමති ඉන්නවාද කියලා හොයා ගන්න නැහැ. මේ නිසා සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ කරනවා වෙනුවට පවුලට ආදායම් හොයන්නෙක් වෙන්න දරුවන් උත්සාහ කරනවා. අඩු වයසින් එවැනි තරගයකට, සමාජයකට යොමුවෙන දරුවා මත්ද්‍රව්‍යවලටත්, වෙනත් අපයෝජනවලටත් ලක්වෙනවා.

අධ්‍යාපනය ලැබිය යුතු දරුවෝ මෙවැනි තත්වයකට ඇද දැමූ පාලකයන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සමස්තයක් අඩුවීම ගැනත් කිසිදු තැකීමක් කරන්නේ නැහැ. මේ නිසා මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරන බවට බොරු මාධ්‍ය සංදර්ශන වෙනුවට දරුවන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන හොයා බලන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා.

ලබන අවුරුද්දේ විදුලි බිල තවත් වැඩිකළාම එයින් අධ්‍යාපනය බිඳ වැටීමේ වගකීමත් ආණ්ඩුව ගන්න ඕනෑ. ජාතික අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳදමමින් ගෙනයන ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. දරුවෝ දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්න අම්මා තාත්තලා එක් දරුවෙක් පාසලකට ඇතුළත් කරන්න රුපියල් 50,000ක විතර වියදමක් දරන්නේ කොහොමද?

අසංවේදී නායකයෝ අපේ දරුවන්ගේ අධ්‍යාපනය වළප්ට ගෙනයාම වහාම නතර කරන ලෙස අපි බලකර සිටිනවා. අධ්‍යාපන උපකරණවල බදු වහාම අඩුකර උසස් පෙළ හදාරණ දරුවන්ට පහසුකම් ලබාදෙන ලෙස බලකරනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නවලට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් මාපියන් එක්ක පාරට බහින්න සූදානම් බව අපි අවධාරණය කරනවා.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...