ශ්‍රී ලංකාවෙන් දසුන් ශානක ඉන්දියාවෙන් රෝහිත් ශර්මා සහ හර්දීක් පාණ්ඩ්‍යා

474

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා වෙත පවරා තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇත.

ඉන්දීය ක්‍රිකට් සංචාර සඳහා සහභාගි වන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් එක්දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ විස්සයි විස්ස උප නායකත්වය වනිදු හසරංගට හිමිව තිබේ.

පසුගියදා නිමාවට පත්වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ නුවනිදු ප්‍රනාන්දු, ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට නම් කර තිබීම විශේෂත්වයකි.
ඊට අමතරව නුවන් තුෂාර සහ ජෙෆ්රි වැන්ඩසේ ද එක්දින තරගාවලියට කැඳවා තිබේ.

භානුක රාජපක්ෂ විස්සයි 20 තරගාවලියට පමණක් නම් කර ඇත

ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්‍ෂ, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුශංක, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, ළහිරු කුමාර සහ නුවන් තුෂාර

මේ අතර ඉන්දීය කණ්ඩායමී රෝහිත් ශර්මා, විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් යන ක්‍රීඩකයින් විස්සයි 20 තරඟාවලියේදී ඉන්දීය සංචිතයට ඇතුළත් කර නොමැති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද සඳහන්කර තිබිණි.

එසේම රෝහිත් ශර්මා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිත අතර විස්සයි 20 තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය සූර්ය කුමාර් යාදෙව් හට හිමිවී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි 20 තරගය ලබන ජනවාරි මස 03 වනදා මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය විස්සයි-20 සංචිතය
හර්දීක් පාණ්ඩ්‍යා (නායක), සූර්යකුමාර් යාදව් (උප නායක), ඉෂාන් කිෂන්, රුතුරාජ් ගයික්වාද්, ශුබ්මන් ගිල්, දීපක් හූඩා, රාහුල් ත්‍රිපාටි, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, අක්සර් පටේල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටේල්, උම්රාන් මලික්, ශිවම් මාවි සහ මුකේෂ් කුමාර්

ඉන්දීය එක්දින සංචිතය

රෝහිත් ශර්මා (නායක), හර්දීක් පාණ්ඩ්‍යා (උප නායක), ශුබ්මන් ගිල්, විරාට් කෝලි, සූර්යකුමාර් යාදව්, ශ්‍රෙයාස් අයියර්, ලෝකේෂ් රාහුල්, ඉෂාන් කිෂන්, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදව්, අක්සර් පටේල්, මොහොමඩ් සාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික් සහ අර්ෂ්දීප් සිං