බ්‍රයන් තෝමස්ට මෙසේජ් එක යැව්වේ ෂාෆ්ටර්ගේ ඝාතකයන් ද ?

Share post:

ඝාතනය කෙරුණු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ දුරකතනයට කෙටි පණිවුඩයක් යොමු කර ඇත්තේ ව්‍යාපාරිකයා, බොරැල්ල පොදු සුසාන භූමියේදී අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්වීමෙන් අනතුරුව බව ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම කෙටි පණිවුඩය දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා හෝ ඝාතකයන් විසින් බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයට යොමු කර ඇති බවට විමර්ශන අංශ සැක කරයි.

දිනේෂ් ෂාෆ්ටර් සමඟ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගේ ජංගම දුරකතනයට දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකතනයෙන් ‘ඔයා එනකම් මම ඉන්නවා’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් යොමු වී ඇත.

මෙය සැකසහිත කෙටි පණිවුඩයක් බවට පත්ව ඇත්තේ එම කෙටි පණිවුඩය පස්වරු 2.30න් පසුව යොමුකර ඇති නිසා ය.
එම කෙටි පණිවුඩයට බ්‍රයන් තෝමස් ද පිළිතුරු පණිවුඩයක් යොමු කරමින් ‘මට ඔයා එක්ක කිසි කතාවක් නැහැ. මට ඔයාව හම්බවෙන්න වුවමනාවක් නැහැ’ යන අදහස ඇති කෙටි පණිවුඩයක් ඉංග්‍රීසියෙන් යොමු කර තිබේ.

මෙම ඝාතන සැලසුම්කරුවන් උත්සාහ ගත්තේ බ්‍රයන් තෝමස් ව එම ස්ථානයට ගෙන්වා, ඔහු මේ අපරාධයට කොටුකිරීමට විය හැකි බවට සැකයක් මේ වන විට මතුවී ඇත.

විමර්ශන අංශ වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ කුරුඳුවත්ත, මල්පාරේ පිහිටි සිය නිවසේ සිට පසුගිය 15දා ෂාෆ්ටර් ගමන්ගත් මෝටර් රථය කෙලින් ම පැමිණ ඇත්තේ බොරැල්ල පොදු සුසාන භූමිය වෙත බවයි.

සබැඳි පුවත්

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : කෝටි ගණනක් ණයට ගත් ක්‍රිකට් විචාරකයෙක් ?

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...