ඇලරික්ස් අයිස් ක්‍රීම් රන් සම්මානයෙන් පිදුම් ලබයි

Share post:

ඇලරික්ස් අයිස් ක්‍රීම් පසුගියදා පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Best Turnaround Brand of the year’ සහ ‘SME Local Brand of the Year’ කාණ්ඩ වල රන් සම්මාන දිනාගැනීමට සමත් විය. මෑතකදී ඇලරික්ස් සන්නාමය මෙන්ම නිෂ්පාදන එකතුවද නැවුම් වෙනසකට ලක්කරන ලද අතර, ඊට සමගාමීව උසස් ප්‍රමිතියෙන් යුත් අයිස් ක්‍රීම් නිෂ්පාදන පෙළක් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

පසුගිය කාලය තුළ, විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය සමග ශීත කළ පැණිරස ආහාරපාන වර්ග පරිභෝජනය අතිශයින් සීමා වීම මෙන්ම ආර්ථික හා සැපයුම් දුෂ්කරතා ඇතුළු නොයෙක් අභියෝග හේතුවෙන් ව්‍යාපාර කටයුතු වලට විශාල බලපෑමක් එල්ල විය. එම බලපෑම් වලින් මිදීම සඳහා නැවුම් ප්‍රවේශයක් සහ සාර්ථක අලෙවිකරණ ක්‍රමෝපායක් අනුගමනය කරමින් යළිත් වෙළඳපොළට තම නිෂ්පාදන හඳුන්වා දී, අතීතයේ ශ්‍රී ලාංකිකයන් තුළ තම නිෂ්පාදන සඳහා පැවති ආදරය හා ආශාව නැවත කුළුගැන්වීමට ඇලරික්ස් සමත්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇලරික්ස් ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ නුවන් ද සිල්වා, ඇලරික්ස් සමාගමටම ආවේණික වූ වට්ටෝරු සමග ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින්, එහෙත් සහනදායී මිලගණන් යටතේ වෙළඳපොළට නිෂ්පාදන හඳුන්වා දෙමින්, ඇලරික්ස් සන්නාමය නැවතත් මෙරට දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා සමාගමේ කාර්ය මණ්ඩලයත් ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් සියලු දෙනාමත් ලබාදුන් දායකත්වය බෙහෙවින් අගය කළේ ය.

අඛණ්ඩ නවෝත්පාදනය ඔස්සේ රසය, නැවුම් බව සහ උසස් තත්ත්වය සුරැකෙන ආකාරයට නිෂ්පාදන සිදුකිරීම ඇලරික්ස් හි මූලික අරමුණ වේ. එමෙන්ම දේශීය කිරි ගොවීන්ට අත්වැලක් වීමටද ඇලරික්ස් සෑම විටම උත්සාහ කරයි. මෙම උත්සාහය ඔස්සේ කිරි ගොවීන් සමග සමීප සම්බන්ධතාවක් ගොඩනංවා ගනිමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටීමට දායක වෙමින්, සමස්තයක් ලෙස සමාජයට කැපීපෙනෙන යහපතක් සිදුකිරීමට ඇලරික්ස් සමත් වී ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...