දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය : කෝටි ගණනක් ණයට ගත් ක්‍රිකට් විචාරකයෙක් ?

Share post:

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ෂාෆ්ටර්ගෙන් රුපියල් කෝටි ගණනක ණයක් ලබාගත් ක්‍රිකට් විස්තර විචාරකයෙකු මූලික කරගෙන මෙම විමර්ශන පවත්වාගෙන යන බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳව බොරැල්ල පොලීසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථය තුළ යම් ශාරීරික හිරහැරයකට ලක්ව ඇති බවයි.

රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙකු හමුවීම සඳහා පිටව යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් තිබෙන බව පොලිස් විමර්ශන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා (14) දහවල් කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේ පිහිටි සිය නිවසින් ඔහු පිටත්ව ගොස් තිබූ අතර, මඳ වේලාවකින් ඔහුගේ බිරිඳ දුරකතන ඇමතුමක් ලබාගෙන ඇත. එහෙත් දිනේෂ් ෂාෆ්ටර්ගේ දුරකතනය ක්‍රියාවිරහිත වී තිබූ බව ඇය පොලිසියට පවසා ඇත.
පසුව දුරකතන හරහා ලැබුණු GPS සංඥා අනුව ඔහුගේ දුරකතනය බොරැල්ල කනත්ත අසල තිබෙන බවට අනාවරණය කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් සැක සිතූ ඔහුගේ බිරිඳ ෂාෆ්ටර්ගේ සමාගමේ ඉහළ නිලධාරියෙකුට මේ බව දැනුම් දී, බොරැල්ල කනත්ත වෙත ගොස් පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබේ.

පසුව ඔහු පැමිණ කළ සොයාබැලීමේදී ව්‍යාපාරිකයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත්දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා ඇති බව දැක තිබේ.

එහිදී වහාම ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා බොරැල්ල කනත්තේ සේවකයෙකුගේ සහාය ඇතිව ව්‍යාපාරිකයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත් කර, ඔහුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කනත්තේ සේවය කරන සේවකයෙක් පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ෂාෆ්ටර්ගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයෙක් පිටත්ව යන බව දුටු බවයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනක ණය මුදලක් ෂාෆ්ටර්ගෙන් ලබාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 3ක් ද ඔහු සිදු කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...