ලෝක ශූර ‘මෙසී’ තමන්ගේ විශ්‍රාම ගැනීමේ තීරණය ‘රිවර්ස්’ කරයි

Share post:

ආජන්ටිනා පාපන්දු කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණයෙන් පසු ප්‍රකාශයක් සිදුකල එහි නායක සහ සුප්‍රකට පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී, තමන් ආජන්ටිනා පාපන්දු කණ්ඩායමෙන් විශ්‍රාම නොගන්නා බවත්, තව කාලයක් තම රට වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවන බවත් පවසා තිබේ.

35 වැනි වියේ පසුවන මෙසී මාධ්‍යය හමුවේ කියා සිටියේ ‘ලෝක ශුරයෙක්’ ලෙස තවදුරටත් පාපන්දු පිටියේ රැඳී සිටීමට තමන් අපේක්ෂා කරන බවයි. ප්‍රංශයට එරෙහිව 2022 පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේ ඉතා විශිෂ්ට ජයක් ලබාගැනීමට නායකත්වය ලබාදුන් මෙසීගේ අවසන් තරඟය එය වනු ඇතැයි සිතා ලොවපුරා ඔහුගේ රසිකයන් මෙම ලෝක කුසලානය ආජන්ටිනාව ජයගනු ඇතැයි අපේක්ෂාවෙනු පසුවිය.

මින් පෙර මෙසී විසින් ප්‍රකාශ කර තිබුණේ මෙම ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් පසු තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බවය. මෙම ප්‍රකාශයෙන් බොහොමයක් පාපන්දු ලෝලීන් කණගාටුවට මෙන්ම පුදුමයට පත්වූ බව සැකයක් නැත. ඒ මෙසී අවුරුදු 35ක් වැනි ඉතාම අඩු වයසකින් පාපන්දු පිටියට සමුදීම හේතුවෙන් ය.

එහෙත් මෙසී තමන්ගේ තීරණය ‘රිවර්ස්’ කිරීම නිසා තවදුරටත් ජාත්‍යන්තර පාපන්දු පිටියේ මෙසී සලකුණ පවතිනු ඇත. එමෙන්ම ජනප්‍රියත්වය සහ ගෞරවය විසින් පුද්ගලික ප්‍රතිපත්තිමය තීරණ පවා ආපසු හැරවීමට හැකියාවක් ඇති බවද මෙසී මැනවින් පෙන්වාදී තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...