ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙ‍ළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩ නඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.

“ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලටද සහාය දීම අපගේ වගකීමක්. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා. එම උනන්දුව මල් ඵල ගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා වෙළෙද ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුුග්‍රාහකයා බවට පත් වීම හඳුන්වන්න පුළුවන්.”

Aviyana හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සපයයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Related articles

“පොප් තාරකාවක අපරිමිත හද ගැස්ම” – “Michael”

ජැක්සන් මැරෙන්නේ මීට අවුරුදු 17කට කලින්. හරියටම 2009 වසරේ ජූනි 25. ජැක්සන් මැරෙද්දි එයාට අවුරුදු 50යි. අද හිටියා...

පාස්කු ප්‍රහාරයෙන් පසු කවුරුත් නොකරන දෙයක් මෛත්‍රී කළා – ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වෙනත් කිසිදු රටක රාජ්‍ය නායකයකු සිදුනොකරන ප්‍රකාශයක් එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රිපාල සිරිසේන...

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...