ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙ‍ළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයයි !

Share post:

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ක්‍රවුන් ප්ලාසාහිදී 2024 නොවැම්බර් 2 සහ 3 යන දිනවල මෙම ප්‍රර්ශනය පැවැත්වේ. ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 යනු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් සහ ගල්ෆ් ගැනුම්කරුවන් අතර ව්‍යාපාරික සබඳතා ගොඩ නඟන අවස්ථාවක් වන අතර එහිදී ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට ගෝලීය වේදිකාවක් සැකසේ. මෙම ප්‍රදර්ශනයට මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු, පොල් නිෂ්පාදන, තේ, රෙදිපිළි සහ තවත් බොහෝ කර්මාන්තකරුවෝ රැසක් සහභාගී වෙති.

“ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලටද සහාය දීම අපගේ වගකීමක්. ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැගී එන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට දැඩි උනන්දුවක් තිබෙනවා. එම උනන්දුව මල් ඵල ගැන්වීමක් ලෙස ශ්‍රී ලංකා වෙළෙද ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුුග්‍රාහකයා බවට පත් වීම හඳුන්වන්න පුළුවන්.”

Aviyana හෝටලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය සංචාරකයන්ට සුඛෝපභෝගීත්වයේ උපරිමය පිරිනමමින් නිදහස් හා නිස්කලංක සංචාරක අත්දැකීමක් සපයයි. ඔවුන් සතු සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සහ ජාත්‍යන්තර මට්ටමේ අසමසම සේවා හා පහසුකම් තුළින් Aviyana හෝටලය මෙරට සංචාරක කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

Related articles

දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම !

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ මහා හානියෙන් පසු රජය ජීවිත, රැකියා සහ යටිතල පහසුකම් නැවත ගොඩනඟමින් සිටී. ජනාධිපති...

තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට නීතිය මතක් කර දෙයි !

අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීමට පොලිසියට බලය නැති තත්ත්වයක් තුළ, අම්බුළුවාව පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමට...

නිර්ලජ්ජිත උත්සාහයන් අත්හැර මාධ්‍ය නිදහස වෙනුවෙන් වැඩ කරන්න – වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආණ්ඩුවට කියයි !

පොලිස් රාජ්‍යයක බලය ස්ථාපිත කිරීම තුළින් මාධ්‍ය මර්දනයේ ආණ්ඩුවේ අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහයන්ගෙන් වැළකී මේ රටේ...

මහවැලි ගං කොමළිය තම සුපුරුදු ගමන්මග හෙළිපෙහෙළි කරගෙන ද ?

පසුගිය ඉරිදින ( 2025 - 12 - 21 ) සැදෑවේ අපි තවත් සහනාධාර ද්‍රව්‍ය -වගයක් බාරදීම පිණිස ගන්නෝරුවේ...