වෛද්‍ය වාර්තා නැත්නම් පුනරුත්ථාපනයට යවන්න එපා – අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දෙයි !

Share post:

පුනරුත්ථාපනයට සුදුසු බවට වෛද්‍ය වාර්තාවක් නොමැති කිසිවකු පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමුනොකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිත ව දැනුම් දී තිබේ.

කොමිෂන් සභාවේ නියෝගයක් මත එහි ලේකම් එච්. සංජීව සෝමරත්න විසින් මහෙස්ත්‍රාත්වරුන් වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ මානසික ආබාධ, සමාජ රෝග, බෝවන රෝග, ශාරීරික ආබාධ ඇති අය සහ දීර්ඝ කාලීන රොගාබාධවලින් පෙළෙන පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු නොකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් විසින් 2024 අප්‍රේල් 30 දින තමන් අමතා ලිපියක් යොමුකර ඇති බව ද මහෙස්ත්‍රාත්වරුන් වෙත යැවූ ලිපියේ ලේකම්වරයා සඳහන් කර ඇත.

අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිස් පමණක් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකරන ලෙස ද ලේකම්වරයා යවන ලද ලිපියේ දැක්වේ. ‘පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳව’ යන ශීර්ෂය යටතේ මේ ලිපිය යවා තිබේ.

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...