වෛද්‍ය වාර්තා නැත්නම් පුනරුත්ථාපනයට යවන්න එපා – අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත්වරුන්ට දැනුම් දෙයි !

Share post:

පුනරුත්ථාපනයට සුදුසු බවට වෛද්‍ය වාර්තාවක් නොමැති කිසිවකු පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමුනොකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලුම මහෙස්ත්‍රාත්වරුන් වෙත ලිඛිත ව දැනුම් දී තිබේ.

කොමිෂන් සභාවේ නියෝගයක් මත එහි ලේකම් එච්. සංජීව සෝමරත්න විසින් මහෙස්ත්‍රාත්වරුන් වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ මානසික ආබාධ, සමාජ රෝග, බෝවන රෝග, ශාරීරික ආබාධ ඇති අය සහ දීර්ඝ කාලීන රොගාබාධවලින් පෙළෙන පුද්ගලයන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු නොකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් විසින් 2024 අප්‍රේල් 30 දින තමන් අමතා ලිපියක් යොමුකර ඇති බව ද මහෙස්ත්‍රාත්වරුන් වෙත යැවූ ලිපියේ ලේකම්වරයා සඳහන් කර ඇත.

අන්තරායකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිස් පමණක් මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකරන ලෙස ද ලේකම්වරයා යවන ලද ලිපියේ දැක්වේ. ‘පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි කටයුතු පිළිබඳව’ යන ශීර්ෂය යටතේ මේ ලිපිය යවා තිබේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...