සෑමවිටම මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහාය දෙමි – වනිඳු හසරංග

Share post:

ජාතික පිරිමි T20I ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වනිඳු හසරංග ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වී ක්‍රීඩකයකු ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට තීරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපතට හේතු වන බව හසරංග පවසා ඇත.

‘ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවට සෑම විටම මගේ උපරිම උත්සාහය ලැබෙනු ඇති අතර, මම සෑම විටම මෙන් මගේ කණ්ඩායමට සහ නායකත්වයට සහය දෙමි.’ යැයි හසරංග පවසා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ, හසරංග ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ක්‍රිකට් සැලසුම් තුළ වැදගත් ක්‍රීඩකයකු ලෙස අඛණ්ඩව ක්‍රීඩා කරනු ඇති බවයි.

Related articles

සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය

මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද – යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි...

සලේ JMO හමුවට – පාස්කු නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවන්ට බලපෑම් !

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කර තිබේ. පාස්කු ඉරිදා...

ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් රනිල්ට අධිචෝදනා ප්‍රමාද ඇයි? – මහේස්ත්‍රාත් නීතිපතිගෙන් අසයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ වුල්හැම්ප්ටන් උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගි වීමට රජයේ මුදල් යොදාගැනීම...

බොහෝ බැංකු දැනටමත් “ප්‍රායෝගිකව බංකොලොත්” – බියකරු අනාගතයක සේයාවක් ද?

සමහර පුවත් තියෙනවා එය ඇසූ සැණින් හදවත ගැස්සෙන, අද අපේ අසල්වැසි බංග්ලාදේශයෙන් ඇසෙන්නේ එවැනිම ඉතාමත් කණගාටුදායක සහ බියකරු...