Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි !

Share post:

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීව මහතාට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන සේවා සහ ඩිජිටල් ආයෝජන විසඳුම් පිරිනමන Dearo Investment ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරයි. එම සමාගම වර්තමානයේදී ආයෝජන ක්ෂේත්‍රයට අමතරව ව්‍යාපාර හා නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකර්ම හා වැවිලි වැනි ආර්ථික සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර ව්‍යාප්ත කර ඇත.

Dearo Investment පිරිනමන ප්‍රධාන ආයෝජන සේවා අතර පෞද්ගලික ආයෝජන සේවා, ව්‍යාපාර ආයෝජන සේවා, විවිධ වර්ගයේ ණය පහසුකම් ප්‍රධාන තැනක් ගනී. නව්‍යකරණයට සහ කාර්යක්ෂමතාවට මුල් තැන දෙමින් කටයුතු කරන එම සමාගමේ අත්දැකීම්වලින් සපිරි කාර්ය මණ්ඩලය ඒ ඒ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් අදාළ සේවා සපයයි. වර්තමානයේදී දිවයින පුරා ශාඛා 06ක් ස්ථාපනය කර ඇති එම සමාගම මෙම වසර අවසන් වන විට දිවයින පුරා ශාකා 30ක් පමණ ස්ථාපනය කිරීමට අපේක්ෂා කරයි. ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය සහ තරිඳු ධනංජය සමරවික්‍රම යන අයගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ Dearo Investment සමාගමට නායකත්වය දෙන ප්‍රසන්න සංජීව මහතා බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇත. අලෙවිකරණයට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් MBA සහ BBA උපාධි ලබා ඇති ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සහ ආයතනික මූල්‍ය අධ්‍යාපන ආයතනවලින් ණය කළමනාකරණය සහ බැංකුකරණය / මූල්‍යකරණය පිළිබඳව ඩිප්ලෝමාද ලබා ඇත.

Related articles

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...

ස්ත්‍රී පැවැත්මකින් ‘ශ්‍රාවය වූ කතා’

මේ වසරේ ගොඩගැසුණු පොත් කන්ද ටිකින් කියව ගන්න උත්සහ කරද්දී ඒ පොත් කන්ද බරක් සේ නොව ආස්වාදයක් සේ...

රාජන් හූල් නම් මහා පොත සොයා ගියෙමි

ඇත්තම කියන්නේ නම් මට හිතෙන්නේම මගේ දෛවය විසින් මම යාපන අහසට තියා ඇණ ගසා ඇති වගකි. යාල් පානම්...