Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන දිනයි !

Share post:

මෙරට ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එහිදී මානුෂීය සහ සමාජ සංවර්ධනය සඳහා සිදු කළ මෙහෙවර අගයමින් Dearo Investment අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න සංජීව මහතාට ගෞරව නාමයක්ද පිරිනමන ලදී. ශ්‍රී ලංකාව පුරා ආයෝජන සේවා සහ ඩිජිටල් ආයෝජන විසඳුම් පිරිනමන Dearo Investment ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම පිළිබඳව සුවිශේෂ අවධානයක් යොමු කරයි. එම සමාගම වර්තමානයේදී ආයෝජන ක්ෂේත්‍රයට අමතරව ව්‍යාපාර හා නීති, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන, මෘදුකාංග හා තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකර්ම හා වැවිලි වැනි ආර්ථික සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් දක්වන ක්ෂේත්‍ර රැසක සිය ව්‍යාපාර ව්‍යාප්ත කර ඇත.

Dearo Investment පිරිනමන ප්‍රධාන ආයෝජන සේවා අතර පෞද්ගලික ආයෝජන සේවා, ව්‍යාපාර ආයෝජන සේවා, විවිධ වර්ගයේ ණය පහසුකම් ප්‍රධාන තැනක් ගනී. නව්‍යකරණයට සහ කාර්යක්ෂමතාවට මුල් තැන දෙමින් කටයුතු කරන එම සමාගමේ අත්දැකීම්වලින් සපිරි කාර්ය මණ්ඩලය ඒ ඒ පාරිභෝගික අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින් අදාළ සේවා සපයයි. වර්තමානයේදී දිවයින පුරා ශාඛා 06ක් ස්ථාපනය කර ඇති එම සමාගම මෙම වසර අවසන් වන විට දිවයින පුරා ශාකා 30ක් පමණ ස්ථාපනය කිරීමට අපේක්ෂා කරයි. ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය සහ තරිඳු ධනංජය සමරවික්‍රම යන අයගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ Dearo Investment සමාගමට නායකත්වය දෙන ප්‍රසන්න සංජීව මහතා බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 15කට වැඩි කාලයක් සේවය කර ඇත. අලෙවිකරණයට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් MBA සහ BBA උපාධි ලබා ඇති ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සහ ආයතනික මූල්‍ය අධ්‍යාපන ආයතනවලින් ණය කළමනාකරණය සහ බැංකුකරණය / මූල්‍යකරණය පිළිබඳව ඩිප්ලෝමාද ලබා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...