ජනාධිපතිවරණය කල්දැමීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්ප්‍රභ කරයි : ලක්ෂයක නඩු ගාස්තු ගෙවන්නත් නියෝග !

Share post:

ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නිෂ්ප්‍රභ කර තිබේ.

ඊට අමතර නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක් මුදලක් ගෙවන ලෙසද පෙත්සම්කරුට අධිකරණය නියෝග කර ඇත. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ව්‍යවසායකයෙකු වන සී.ඩී.ලේනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලේඛනවලට අනුව පසුගිය මහ මැතිවරණයේදී රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මෙම ලේනව නමැත්තා සිටියේය.

Related articles

වසර 28ක් පුරා එකම නගරයක, එකම පවුලක සාමාජිකයන් බෙදා වෙන්කළ බර්ලින් තාප්පය

දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් අවසන් වන්නේ 1945 මැයි 8 වෙනිදා. ජයග්‍රහණය කරන මිත්‍ර පාර්ශ්වය වන්නේ සෝවියට් රුසියාව.....

කොක්අඩිචෝලෙයි : වසර 38ක් තිස්සේ යුක්තිය අහිමි සමූහ ඝාතනයක් !

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල වී තිබෙන...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට රනිල් අනීතිකව දුන් අක්කර 5ක් ආපසු ගනී : අපියි කිව්වෙ ගන්න කියලා – සංගමයේ ලේකම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බදු පදනම යටතේ ලබා දී...

නාට්‍ය කලාවට දේශපාලන අනුග්‍රහය එපා!

ඉන්දියාවේ නාට්‍යය උත්සවයකට යාමට මුදල් හෙවූ නාට්‍යකරුවන් දෙදෙනා, බුද්ධික සහ චාමිකට ඉන්දියාවට යාමට අවශ්‍ය ගුවන් ප්‍රවේශ පත්‍රවලින් අඩකට...