ජනාධිපතිවරණය කල්දැමීමේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිශ්ප්‍රභ කරයි : ලක්ෂයක නඩු ගාස්තු ගෙවන්නත් නියෝග !

Share post:

ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නිෂ්ප්‍රභ කර තිබේ.

ඊට අමතර නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂයක් මුදලක් ගෙවන ලෙසද පෙත්සම්කරුට අධිකරණය නියෝග කර ඇත. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 05 ක් බව පැහැදිලි යැයි නීතිපතිවරයා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ව්‍යවසායකයෙකු වන සී.ඩී.ලේනව විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. මැතිවරණ මහලේකම් කාර්යාලයේ ලේඛනවලට අනුව පසුගිය මහ මැතිවරණයේදී රොහාන් පල්ලෙවත්තගේ නායකත්වයෙන් යුත් ජාතික සංවර්ධන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ මෙම ලේනව නමැත්තා සිටියේය.

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...