පොසොන් දවසේ සාගලගේ වාහනයේ ගැටුණු ලොරියේ සිටි ගර්භණී කාන්තාවගේ සහ රියදුරුගේ කකුල් කැඩිලා – රෝහලෙන් වහාම යන්නැයි බලපෑම් !

Share post:

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ ගර්භණී බිරිඳ ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ජනාධිපතිවරයාගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු මේ වාහන පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසල ප්‍රදේශයෙන් ගමන් කර තිබේ. එහිදී මේ අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදු වූ වහාම ප්‍රභූ රථ පෙළේ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබේ. එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බව සිද්ධිය ඇසින් දුටු පිරිස පවසති. මේ වාහනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ රථයක් බව වාර්තා වේ.

අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරා සහ ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාව අනතුරෙන් පසු වාහනයෙන් එළියට ගෙන ඇත්තේ දොර කැඩීමෙන් පසුව ය. රියදුරාගේ පාදයක් කොටස් තුනකට කැඩී ඇති අතර, ඔහුගේ හිසට ද හානි සිදු වී තිබේ. ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාවගේ පාදය ද කැඩී ඇති අතර, ඇයට ද ශල්‍යකර්මයක් සිදුකර ඇත.
ලොරි රථයේ පිටුපස තවත් පස්දෙනෙකු ගමන් කර තිබේ. ඒ අතරින් එක් කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට මුදාහැර ඇති අතර, හෙට (28) මීට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය. බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදාහැර ඇති අතර, දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිටකිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...