පොසොන් දවසේ සාගලගේ වාහනයේ ගැටුණු ලොරියේ සිටි ගර්භණී කාන්තාවගේ සහ රියදුරුගේ කකුල් කැඩිලා – රෝහලෙන් වහාම යන්නැයි බලපෑම් !

Share post:

පොසොන් පොහොය දිනයේ අනුරාධපුරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රභූ රථ පෙළේ මෝටර් රථයක කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු, ඔහුගේ ගර්භණී බිරිඳ ඇතුළු තිදෙනකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ජනාධිපතිවරයාගේ තන්තිරිමලේ සංචාරයෙන් පසු මේ වාහන පෙළ එදින පස්වරු 6.30ට පමණ තිසා වැව අසල ප්‍රදේශයෙන් ගමන් කර තිබේ. එහිදී මේ අනතුර සිදුවී ඇති අතර, අනතුර සිදු වූ වහාම ප්‍රභූ රථ පෙළේ වාහනයේ අංක තහඩු ඉවත් කිරීමට එහි සිටි පිරිස කටයුතු කර තිබේ. එම වාහනය අධික වේගයෙන් පාරේ වැරදි දෙසින් පැමිණි බව සිද්ධිය ඇසින් දුටු පිරිස පවසති. මේ වාහනය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ රථයක් බව වාර්තා වේ.

අනතුරට මුහුණ දුන් ලොරි රථයේ රියදුරා සහ ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාව අනතුරෙන් පසු වාහනයෙන් එළියට ගෙන ඇත්තේ දොර කැඩීමෙන් පසුව ය. රියදුරාගේ පාදයක් කොටස් තුනකට කැඩී ඇති අතර, ඔහුගේ හිසට ද හානි සිදු වී තිබේ. ඔහුගේ බිරිඳ වන ගර්භණී කාන්තාවගේ පාදය ද කැඩී ඇති අතර, ඇයට ද ශල්‍යකර්මයක් සිදුකර ඇත.
ලොරි රථයේ පිටුපස තවත් පස්දෙනෙකු ගමන් කර තිබේ. ඒ අතරින් එක් කුඩා දරුවකුගේ පාදයට දැඩි හානි සිදුවී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රභූ රථ පෙළේ වාහනයේ රියදුරා අනුරාධපුර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට මුදාහැර ඇති අතර, හෙට (28) මීට අදාළ නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිත ය. බරපතළ තුවාල ලැබූ තිදෙනකු රෝහල්ගත කර තිබියදී රියදුරා මුදාහැර ඇති අතර, දිගින්-දිගටම අදාළ රෝගීන් රෝහලෙන් හැකි ඉක්මනින් පිටකිරීමේ උත්සාහයක් ද ක්‍රියාත්මක වේ.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...