මහින්ද හදිසියේ චීනෙට යයි : ආණ්ඩුව වෙනුවෙන් ස්තූතියක් කිරීමේ වගකීම ගනී !

Share post:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව සිය චීන සංචාරය අතරතුර ඔහු චීන රජයේ ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. චීනයේ විදේශ ඇමැති වැන්ග් යීගේ ආරාධනයකට අනුව මහින්ද රාජපක්ෂ අද උදෑසන චීනය බලා පිටත්ව ගොස් ඇති අතර ගමන ජූලි 01 වැනිදා නැවත පැමිණීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ තවත් ප්‍රමුඛතම සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් බීජිං නුවර පැවැත්වෙන සාමකාමී සහජීවනයේ මූලධර්ම පහේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන සමරු උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ සිය චීන සංචාරයේදී සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු චීන අගමැති ලී ක්වෑන්ග් සහ විදේශ ඇමැති වැන්ග් යී සමඟ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම සඳහා චීනය සහ චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් සහාය පිළිබඳව ද මහින්ද රාජපක්ෂ සිය කෘතඥතාව පළකිරීමට නියමිත බවද පැවසේ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...