මහින්ද හදිසියේ චීනෙට යයි : ආණ්ඩුව වෙනුවෙන් ස්තූතියක් කිරීමේ වගකීම ගනී !

Share post:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගොස් ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව සිය චීන සංචාරය අතරතුර ඔහු චීන රජයේ ප්‍රධානීන් කිහිපදෙනකු සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. චීනයේ විදේශ ඇමැති වැන්ග් යීගේ ආරාධනයකට අනුව මහින්ද රාජපක්ෂ අද උදෑසන චීනය බලා පිටත්ව ගොස් ඇති අතර ගමන ජූලි 01 වැනිදා නැවත පැමිණීමට නියමිතය.

චීන ජනාධිපති ෂී ජින්පින් සහ පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ තවත් ප්‍රමුඛතම සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් බීජිං නුවර පැවැත්වෙන සාමකාමී සහජීවනයේ මූලධර්ම පහේ 70 වැනි සංවත්සරය සනිටුහන් කරන සමරු උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ සිය චීන සංචාරයේදී සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු චීන අගමැති ලී ක්වෑන්ග් සහ විදේශ ඇමැති වැන්ග් යී සමඟ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර සහ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ගිවිසුම සඳහා චීනය සහ චීනයේ එක්සිම් බැංකුව ලබා දුන් සහාය පිළිබඳව ද මහින්ද රාජපක්ෂ සිය කෘතඥතාව පළකිරීමට නියමිත බවද පැවසේ.

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...