වෙඩිතලතිව් රක්ෂිතය විනාශ කරන පවිත්‍රාගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් !

Share post:

විල්පත්තුව  රක්ෂිතය ආසන්නයේ පිහිටි වෙඩිතලතිව්  රක්ෂිතයේ  අක්කර 118ක් ඉස්සන් වගාව සඳහා ලබදෙමින්  වනජීවී ඇමති පවිත්‍රා වන්නිආරච්චි නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වනජීවී ස්වභාව ආරක්ෂණ සංගමය ඇතුළු පරිසර සංවිධාන 02ක් ගොනුකළ පෙත්සමක්  විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම අද (27) නිකුත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන,  අචල වෙංගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගනු ලැබිණි.

වෙඩිතලතිව් රක්ෂිතයේ අක්කර 118ක ප්‍රමාණයක් රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය මගින් විශාල පාරිසරික හානියක් සිදුවන බවත් ජලජ ජීවීන්ගේ සුරක්ෂිතභාවයට මෙන්ම අවට පරිසරයේ  සමතුලිතතාවයට ද දැඩි හානියක් සිදුවන බවත් එම පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත. 

විෂය භාර අමාත්‍යවරිය එම රක්ෂිත කලාපය රක්ෂිතභාවයෙන් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීමෙන් බවත් එහි විද්‍යාත්මක වාර්තා කැඳවා නැති බවත් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට පෙන්වා දුන්නේය. 

දැනටමත් රක්ෂිතයක් ලෙස නම්කර ඇති කලාපයක් රක්ෂිත භාවයෙන් ඉවත් කරන්නේ නම් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ  දෙවන හා පස්වන  වගන්ති යටතේ කටයුතු කළ යුතු බවත්, එම ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කර නැති බවත් අධිකරණයට පෙන්වා දෙනු ලැබිණි.

වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,  පරිසර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් නීතිපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු පාර්ශ්වයන් 10ක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Related articles

සිහි විකල් කරවන යථාර්ථයක විකාරරූපී ප්‍රතිබිම්බය: බන්දුජීවගේ ‘ධූමලාවණ්‍යාගාරය’

සිය දෙවන කාව්‍ය සංග්‍රහයෙන් වසර දහයකට පසුව, රුවන් බන්දුජීව සිය තෙවන කෘතිය වන 'ධූමලාවණ්‍යාගාරය' රචනා කරන්නේ, පෙර කෘතියට...

මව්බිම මාධ්‍යවේදීන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කම්කරු කොමසාරිස්ට ලියයි !

දිනපතා පුවත්පත් කිහිපයක මුද්‍රණය අත්හිටුවීම හේතුවෙන් මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාවයට එල්ල වී ඇති සෘණාත්මක බලපෑම පිළිබඳව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

සංරක්ෂණයේ පදනම බිඳ දමා ‘වනජීවී දිනය’ සමරා ඵලක් වේද?

පාරිසරික යුක්තිය සහ සාධාරණත්වය, පරිසරය සහ සංවර්ධනය අතර සමබරතාව, තිරසාර සම්පත් භාවිතය සහ පූර්වාරක්ෂක ක්‍රමවේද ආදී දහසක්වචන අවභාවිතා...

තරිඳුගේ පෙත්සම : වාචික පැමිණිල්ලක් කළ නිසා කාලාවරෝධයෙන් සහනයක් ඕනෑ – පැමිණිලිකරු : කොමිසමේ ස්වයංක්‍රීය පරීක්ෂණයක සහනය පෙත්සම්කරුට නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

මානව හිමිකම් කොමිසම මගින් ආරම්භ කරන ලද පරීක්ෂණයක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීම සඳහා ලැබෙන සහනය ලබාදීමට අදාළ නොවන බව...