වෙඩිතලතිව් රක්ෂිතය විනාශ කරන පවිත්‍රාගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් !

Share post:

විල්පත්තුව  රක්ෂිතය ආසන්නයේ පිහිටි වෙඩිතලතිව්  රක්ෂිතයේ  අක්කර 118ක් ඉස්සන් වගාව සඳහා ලබදෙමින්  වනජීවී ඇමති පවිත්‍රා වන්නිආරච්චි නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

වනජීවී ස්වභාව ආරක්ෂණ සංගමය ඇතුළු පරිසර සංවිධාන 02ක් ගොනුකළ පෙත්සමක්  විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම අද (27) නිකුත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන,  අචල වෙංගප්පුලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගනු ලැබිණි.

වෙඩිතලතිව් රක්ෂිතයේ අක්කර 118ක ප්‍රමාණයක් රක්ෂිතභාවයෙන් ඉවත් කරමින් නිකුත් කළ එකී ගැසට් නිවේදනය මගින් විශාල පාරිසරික හානියක් සිදුවන බවත් ජලජ ජීවීන්ගේ සුරක්ෂිතභාවයට මෙන්ම අවට පරිසරයේ  සමතුලිතතාවයට ද දැඩි හානියක් සිදුවන බවත් එම පෙත්සම්වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත. 

විෂය භාර අමාත්‍යවරිය එම රක්ෂිත කලාපය රක්ෂිතභාවයෙන් ඉවත් කර ඇත්තේ ඒ සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීමෙන් බවත් එහි විද්‍යාත්මක වාර්තා කැඳවා නැති බවත් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට පෙන්වා දුන්නේය. 

දැනටමත් රක්ෂිතයක් ලෙස නම්කර ඇති කලාපයක් රක්ෂිත භාවයෙන් ඉවත් කරන්නේ නම් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ  දෙවන හා පස්වන  වගන්ති යටතේ කටයුතු කළ යුතු බවත්, එම ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය කර නැති බවත් අධිකරණයට පෙන්වා දෙනු ලැබිණි.

වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,  පරිසර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් නීතිපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුලු පාර්ශ්වයන් 10ක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

Related articles

ඔබ ශක්තිමත්ව ගොඩනැගීම තෝරාගත්තොත්, ඔබේ අනාගතය කඩාබිඳ දමන්න ව්‍යසනයකට කවදාවත්ම ඉඩක් නෑ..’

‘පොළව දෙදරද්දි, මහා මුහුදු රැළි නැගෙද්දි, විශාල බිල්ඩින් බිම වැටිලා සමතලා වේවි. ඒත් අපේ බලාපොරොත්තු එහෙම වෙන්නේ නෑ’...

“යමකින් ජීවිතය ගලවා ගත් පමණින් ඔබ ශක්තිමත් කෙනෙක් වෙන්නේ නැහැ”

වයස අවුරුදු 12 දී පිරිමි ළමයෙක් ඇයව කැලයට එක්කගෙන ගියා. පිරිමි ළමයි දුසිමක් විතර ඇය එනකන් කැලේ රැකගෙන...

ලංකාවෙ මිනිස්සු හරිම හොඳ අය – (ඔස්ට්‍රේලියානු සංචාරක කතක්)

(නුවරඑලිය නගරය පිරිසිදු කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ඔස්ට්‍රේලියානු සංචාරක කතක්) සුනාමිය වෙලාවෙ අනිත් පලාත්වල අය අපිට පිහිට වුන හැටි මතකයි....

ඇනා බර්න්ස් කියන්නේ ලේඛිකාවක්ම නෙමෙයි ඇය අප්‍රතිහත ධෛර්යයේ සංකේතයක්

දරුණු කොන්දේ අමාරුව තියාගෙන හිසට වහලයක් නොමැතිව, කුසගින්නට හරියට ආහාරයක් නැතුව ඇය ලිව්වා. ඒ පොතට බුකර්, ඩබ්ලින් සම්මාන...