නීතිපති කෙනෙක් නෑ : හිස් වූ පුටුවට පාරින්ද?

Share post:

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය ඊයෙන් (26) අවසන් විය.

ඔහුගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

26 පස්වරු 6ට රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව පැවැත්වූ ඡන්දයෙන් අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ද, නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

නීතිපතිවරයාගේ සේවා දීර්ඝය පිළිබඳ ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුවත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.

නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31වනතෙක් සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර තිබිණි.

මීළඟ නීතිපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කෙරෙනු ඇතැයි ද වාර්තා පළ වේ.

Related articles

හිස්බුල්ලා ත්‍රස්තවාදීන්ට පහරදුනහොත් ආසියාවට තෙල් නැහැ… ලෝකයට සාමය නැහැ

මොකක්ද මේ කියන කතාවෙ තේරුම? හිස්බුල්ලා (hezbollah) කියන්නෙ ලෙබනනයේ ස්ථානගතවුනු සටන්කාමී අන්තවාදී කණ්ඩායමක්. වසර ගණනාවක සිට ලෙබනනය අස්ථාවර...

ශානි පළිගන්නවද? – ගෝඨාගේ සම්පූර්ණ පෙත්සම මෙන්න !

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ. පොලිස්පති...

නාවික හමුදාව අපරාධ සිදු කළ බවට සැක ‘ගන්සයිට්‘ සීඅයිඩියෙන් සීල් තබයි !

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුළ පිහිටි ‘ගන් සයිට්’ නමින් හැඳින්වෙන භූගත රහසිගත සිරමැදිරි සංකීර්ණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මුද්‍රා...

‘ඇය කිසිවක් නොකළාය’

මළගිය ඇත්තන් විටින් විට අප හදවතට බද්ධ කරන ලෙසින් ලොව ඇත්තේ යාම් ඊම් පමණි. නමුදු බහුතරයකට එය සිහිවන්නේ...