නීතිපති කෙනෙක් නෑ : හිස් වූ පුටුවට පාරින්ද?

Share post:

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය ඊයෙන් (26) අවසන් විය.

ඔහුගේ ධුර කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.

26 පස්වරු 6ට රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව පැවැත්වූ ඡන්දයෙන් අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ද, නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිදු කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි.

නීතිපතිවරයාගේ සේවා දීර්ඝය පිළිබඳ ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීමට අවස්ථා දෙකකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුවත් අවසන් තීරණයක් ගැනීමට නොහැකි විය.

නීතිපතිවරයාට ලබන දෙසැම්බර් මස 31වනතෙක් සේවා දීර්ඝයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිර්දේශ කර තිබිණි.

මීළඟ නීතිපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ පත්කෙරෙනු ඇතැයි ද වාර්තා පළ වේ.

Related articles

ගාන්ධි සහ අම්බෙඩ්කාර් දෙදෙනා අතර පැවති විවාදය පිලිබඳව ලියවුණු අරුන්දතී රෝයිගේ කෘතිය

කේරළයට ගිය කෑරලා-2 කේරළ ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල ඉදිරිපිට නොසැලී සිටිනා තිදෙනෙකි. මැදින් සිටින්නා හිඳගත්වනමය. හේ මහත්මා ගාන්ධි ය. ඔහුට...

කේරළයේ දැන් වසර දහයක් තිස්සේ ඇත්තේ කොමියුනිස්ට් පක්ෂය යටතේ ඇති ආණ්ඩුවකි

කේරළයට ගිය කෑරළා (01) කෙටි පිම්මකින් ඉන්දියන් සයුරින් එතෙරට පිනූ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් බැස ආගමන නිලධාරීන්ගේ කවුළුව සහ...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇපගන්න නීතිපති සූදානමින් : පොලිසිය විරුද්ධ වෙයි – උසාවියේ සිදු වූ සම්පූර්ණ සිදුවීම මෙන්න !

වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින්, ත්‍රිකුණාමලය මුහුදු තීරයේ නීති විරෝධී ඉදිකිරීමක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය විසින් පවරා ඇති...

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...