තරුෂි officially Qualified වෙලා කියලා අපිට තවම කියන්න බෑ ..

Share post:

තරුෂි කරුණාරත්න ඔලිම්පික් සුදුසුකම් ලබා ඇති බව කියලා යන fake news එක නිසයි මේක පළ කරන්න ඕනි කියලා හිතුනේ.මොකද කෙනෙක් news එකක් දමද්දි, ඒක ගැන 10 පාරක් හිතන්න ඕනී..ඇත්‍තටම ඒක දැන් ඒ ළමයටත් හිසරදයක් වෙන්න පුලුවන්… මේ රටේ බහුතරයක් බලන් ඉන්නේ තරුෂි ඔලිම්පික් යන එක..ඒක එහෙම වෙන්න ඕනි..අපි හැමෝගෙම ඒක බලාපොරොත්තුවක්..! නමුත් තවමත් තරුෂි officially Qualified වෙලා කියලා කියන්න බෑ අපිට..
මොකද පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ කාන්තා මීටර 800 ඉසව්වට සුදුසුකම් ලබන සමස්ත ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 48යි. තරුෂි පසුගියදා ස්පාඤ්ඤයේ තිබුනු තරගාවලියේදී කාන්තා මීටර 600 ඉසව්ව මිනිත්තු 1:24.84 කින් අවසන් කරමින් එම ඉසව්වේ දෙවැනි ස්ථානය පවා දිනා ගත්තා. එම තරගය මීටර 800 ඉසව්ව සදහාද ලබා දෙන ලකුණු ගණනට සමාන අගයක් ගනිපු නිසා ඇයගේ එම දක්ෂතාවය මිනිත්තු 1:59.70 ක අගයකට සමාන උනා.. ( 800m තුළ ) ඒ නිසා ඇය මේ වන විට රෑක්න්ක් වල 47 වෙනි ස්ථානය දක්වා ඉහළට ඇවිත් ඉන්නවා..කට්ටිය ඇය ඔලිම්පික් සුදුසුකම් ලබාගෙන තියෙනවා කියලා කියන්නේ මේ හේතුව නිසා. මොකද 48 දෙනා අතර 47 වෙනියට ඇය ඉන්න නිසා.නමුත් සුදුසුකම් ලැබීමේ දින මේ මස 30 වෙනිදා වෙනකම් ක්‍රියාත්මකයි. ඒ නිසා හරිම ලිස්ට් එක අවුට් වෙන්නේ ජූලි පළමු සතියේ..එතකම් අපිට කියන්න බෑ තරුෂි ඔලිම්පික් සුදුසුකම් ලැබුවා කියලා…තරුෂි මේ මස 30 වෙනිදා වෙනකම් මෑ රෑන්ක් එක පවත්වා ගන්න සමත් වුනොත් ඇය අනිවාර්යයෙන්ම ඔලිම්පික් යාවි..ඒ වගේම මේ මාසේ 30 වෙනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඔලිම්පික් ජාතික තේරිම් තරගයේදී ඇය හොඳ කාලයක් තියන් තරග කලොත් ඇයට මේ කඩයිමට පහසුවෙන්ම ලගා වෙන්න පුලුවන්.. රෑක්කින් නැතුව තරුෂි ඔලිම්පික් සඳහා ඩිරෙක්ට් කොලිෆයිඩ් වෙන්න නම් මිනිත්තු 1:59.30 කින් දුවන්න ඕනී..ඒක හිතන තරම් ලේසිත් නෑ..හැබයි තරුෂි වගේ කෙනෙක්ට ඒක කරන්න බැරිකමකුත් නෑ. ඇය ඇයගේ හැකියාව පෙන්නලා තියෙනවා. ඒ නිසා රටේම අයගේ මේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න තරුෂිට පුලුවන්. අපි ඇයට ඇගේ කඩයිමට ලගා වෙන්න පුලුවන් වෙන්න කියලා සුබ පතමු!

කරුණාවෙන් සලකන්න මම මේ තොරතුරු දැන ගැනීමට මුහුණු පොතේ නිතර මේ ක්‍රීඩකයන් ගැන කතා කරන..ceylon athletic , Supun Hettiarachchi, Chathura Ranasinghe වැනි අයගේ updates උපයෝගී කරගත්තා. ඒ නිසා අතපසුවීම් මොනාහරි වෙලා තීනම් ඒ දේවල් නිවරදි කරන්න..මම මේ දේ ලිව්වේ මගේ මුහුණු පොත හරහාත් ගොඩාක් අය මගෙන් මේ ගැන අහලා තිබුනු නිසා..තව දවස් 10ක් බලන් ඉමු ! සුබවාදී පිළිතුරක් අපිට ලැබේවී

සමීර ගොඩපිටිය

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...