‘ඒවට අපි ඉඩදෙන්නෙ නෑ’ – ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිට නඩු !

Share post:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත්, ඒ පිළිබඳව තම සංවිධානය අධ්‍යයනය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවාවෙමින් අධිකරණයට බලපෑම් කොට, පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ තීන්දුවක් පිළිබඳ අසත්‍ය කරුණු පවසමින් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවයරි යුතුව ඇතැයි ද එම බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල සඳහන් කළේය.

ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක සඳහන් නොවන කරුණු පවසමින් ජනාධිපතිවරයා වෙනත් මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවයි. ජනාධිපතිවරයා මෙන්ම අධිකරණ ඇමැතිවරයා ද මෙසේ අධිකරණය හෑල්ලු කිරීමට කටයුතු කිරීම තම සංවිධානය තරයේ හෙළාදකින බව ද ඔහු පැවසීය.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ 2024 මැයි 07 දින අධිකරණ සේවා කොමිෂන් සභාවට අධිකරණ සේවා සංගමයේ ලේකම් ධුරය දරන විනිසුරුවරයකු විසින් මේ බලපෑම් පිළිබඳ ලිපියක් ද යොමුකර ඇති බවයි. අධිකරණයේ ස්වාධීනත්වය නැති කිරීමට ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරන්නේ නම්, සමස්ත නීතිඥ ප්‍රජාව සමග ඊට එරෙහිව නැගීසිටීමට සූදානම් බව ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related articles

යාංගල්මෝදර දුම්රිය අනතුර – කලාඔයේ වතුරට දැමූ බසය – ඊළඟට අම්බුළුවාව ?

අධික වැසි හේතුවෙන් රට පුරා ආපදා තත්ත්වයක් පැවති පසුබිමක පිටාර ගලමින් තිබූ කලාඔය පාලම මතින් පොලිස් නිලධාරීන්ගේ අණ...

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...