‘ඒවට අපි ඉඩදෙන්නෙ නෑ’ – ජාතික ජන බලවේගයෙන් ජනාධිපතිට නඩු !

Share post:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත්, ඒ පිළිබඳව තම සංවිධානය අධ්‍යයනය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.

පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවාවෙමින් අධිකරණයට බලපෑම් කොට, පාර්ලිමේන්තුවෙන් පිටතදී අධිකරණ තීන්දුවක් පිළිබඳ අසත්‍ය කරුණු පවසමින් ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවයරි යුතුව ඇතැයි ද එම බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ සුනිල් වටගල සඳහන් කළේය.

ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක සඳහන් නොවන කරුණු පවසමින් ජනාධිපතිවරයා වෙනත් මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවයි. ජනාධිපතිවරයා මෙන්ම අධිකරණ ඇමැතිවරයා ද මෙසේ අධිකරණය හෑල්ලු කිරීමට කටයුතු කිරීම තම සංවිධානය තරයේ හෙළාදකින බව ද ඔහු පැවසීය.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සඳහන් කළේ 2024 මැයි 07 දින අධිකරණ සේවා කොමිෂන් සභාවට අධිකරණ සේවා සංගමයේ ලේකම් ධුරය දරන විනිසුරුවරයකු විසින් මේ බලපෑම් පිළිබඳ ලිපියක් ද යොමුකර ඇති බවයි. අධිකරණයේ ස්වාධීනත්වය නැති කිරීමට ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරන්නේ නම්, සමස්ත නීතිඥ ප්‍රජාව සමග ඊට එරෙහිව නැගීසිටීමට සූදානම් බව ද ජනාධිපති නීතිඥවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...