DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි !

Share post:

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර ගැනීමේ අවස්ථාව උදා වෙයි.

dsityreshops.com වෙබ් අඩවියට ගොස් තමන්ට අවශ්‍ය ටයරය Select කිරීමෙන් පසුව වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කර කුරියර් සේවාව මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හෝ Online Pick Up From Dealer ක්‍රමවේදය තෝරා ගෙන තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය ගෙන සවි කර ගැනීමට හැකිය. අතේ මුදල් නැති වුණත් Buy Now Pay Later පහසුකම ඔස්සේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ටයර් මිල දී ගැනීමට හැකි වීමද සුවිශේෂත්වයකි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරැඹු Online Pick Up From Dealer ක්‍රමවේදයට ලැබෙන ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හේතුවෙන් එය දිවයින පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත කිරීමට DSI Tyres අපේක්ෂා කරයි. Online Pick Up From Dealer ක්‍රමවේදය අලෙවි නියෝජිතයන්ට හඳුන්වා දීමේ උත්සවය පසුගියදා හෙරිටන්ස් කණ්ඩලම හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

“ශ්‍රී ලාංකිකයන් වඩාත් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇති DSI Tyres නිරන්තරයෙන් නිෂ්පාදනවල සහ සේවාවල ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය ටයරය පිළිබඳ සියලු තොරතුරු වෙබ් අඩවිය හරහා දැන ගෙන කාලය ඉතුරු කර ගැනීමට මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට ටයරය මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට දැන් පුළුවන්.”

DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Related articles

කවි අඳුරේ ගිනි පුළිඟුවක් රැගෙන යන ‘වසිලිස්සා’ – ප්‍රගීතිකා

මේ මොහොතේ අද්‍යතන කිවිඳියන් තිදෙනෙකු එකට තබා කියවමි. ඉන් පළමුවැන්නී ප්‍රගීතිකා ජයසේකර ය. ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය "වසිලිස්සා...

කටුවන වෙඩි තියාගත්තෙ ජවිපෙ කණ්ඩායම් දෙකක් – පැය 02කින් මාධ්‍යයට කී හුළුගල්ලෙලා නිදහස්, අමරෙට විතරක් මරණ දඬුවම !

ජී.ජී. අමරසිරි හෙවත් ජූලම්පිටියෙ අමරේ 2012 වසරේදී කළ වෙඩිතැබීමත් සමග එවකට පැවැති ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි !

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින්...

මෛත්‍රීට ඉන්දියන් ඔත්තු සේවය වගේ කතාකරලා පාස්කු ගැන කිව්වෙ සජින් වාස්ද? – සීඅයිඩීයෙන් ප්‍රශ්න කරයි !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන මහතා...