සහරාන් සමග යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ගනුදෙනු කළේ කොහොමද? : මේවා කතා විතරක් නෙමෙයි තහවුරු වූ කරුණු – සීඅයිඩිය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෙළිකරයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවකු වූ සහරාන් හෂීම් සමග යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය සෘජු සබඳතා පැවැත්වූයේ යැයි යන්න නිකමම් කතාවක් පමණක් නොව තහවුරු වූ කරුණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ සහරාන් සමග සම්බන්ධකම් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීම පවා එහි ඉහළ නිලධාරීන් වැළැක්වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ සහ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු විසින් මේ වැළැක්වීම සිදු කළ බව ද ඔහු අවධාරණය කරයි.

සහරාන් සහ කණ්ඩායම එකිනෙකා සමග කතාකිරීමට ත්‍රිමා නම් දුරකතන යෙදවුමක් භාවිත කළ බව මීට පෙරදී අනාවරණය කෙරිණි. ප්‍රහාරයෙන් මාසයකට පමණ පසු විදේශීය බුද්ධි අංශයක් මගින් අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනයක් : Internet Protocol (IP) address සහ සහරාන්ට නිතර දුරකතනයෙන් කතා කරන ලද යුද හමුදා බුද්ධි අංශයේ එක් නිලධාරියකු භාවිත කළ දුරකතනයක ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳූනුම්පතක් : International Mobile Equipment Identity (IMEI) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මේ නිලධාරියා ගෙන්වීම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා සෘජුවම මැදිහත් වී වැළැක්වූ බවත්, ඊට හේතුව ලෙස ඔහු ජාතික ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වීම පෙන්වූ බවත් සඳහන් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පහසුවෙන් වැළැක්විය හැකිව තිබූ අමානුෂික ප්‍රහාරයක් වළක්වා ගැනීමට මේ හේතුවෙන් නොහැකි වූ බව ද අවධාරණය කර සිටී.

Related articles

ලෝක පුජිතයාගේ නොදන්නා කතාව

කුමාර් සංගක්කාර සහභාගී වූ 'High Performance' පොඩ්කාස්ට් වැඩසටහන බැලුවා.ඩේමියන් හියුස් සහ ජේක් හම්ෆ්‍රී මෙහෙයවන 'හයි පර්ෆෝර්මන්ස්' වැඩසටහන තුළ...

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...