සහරාන් සමග යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය ගනුදෙනු කළේ කොහොමද? : මේවා කතා විතරක් නෙමෙයි තහවුරු වූ කරුණු – සීඅයිඩිය බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හෙළිකරයි !

Share post:

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවකු වූ සහරාන් හෂීම් සමග යුද හමුදා බුද්ධි අංශය සහ රාජ්‍ය බුද්ධි සේවය සෘජු සබඳතා පැවැත්වූයේ යැයි යන්න නිකමම් කතාවක් පමණක් නොව තහවුරු වූ කරුණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න පවසයි.

මේ සඳහා හොඳම උදාහරණයක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ සහරාන් සමග සම්බන්ධකම් පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවා සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගැනීම පවා එහි ඉහළ නිලධාරීන් වැළැක්වූ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු නියෝජ්‍ය ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ සහ යුද හමුදා බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු විසින් මේ වැළැක්වීම සිදු කළ බව ද ඔහු අවධාරණය කරයි.

සහරාන් සහ කණ්ඩායම එකිනෙකා සමග කතාකිරීමට ත්‍රිමා නම් දුරකතන යෙදවුමක් භාවිත කළ බව මීට පෙරදී අනාවරණය කෙරිණි. ප්‍රහාරයෙන් මාසයකට පමණ පසු විදේශීය බුද්ධි අංශයක් මගින් අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනයක් : Internet Protocol (IP) address සහ සහරාන්ට නිතර දුරකතනයෙන් කතා කරන ලද යුද හමුදා බුද්ධි අංශයේ එක් නිලධාරියකු භාවිත කළ දුරකතනයක ජාත්‍යන්තර ජංගම උපකරණ හැඳූනුම්පතක් : International Mobile Equipment Identity (IMEI) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මේ නිලධාරියා ගෙන්වීම යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා සෘජුවම මැදිහත් වී වැළැක්වූ බවත්, ඊට හේතුව ලෙස ඔහු ජාතික ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වීම පෙන්වූ බවත් සඳහන් කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පහසුවෙන් වැළැක්විය හැකිව තිබූ අමානුෂික ප්‍රහාරයක් වළක්වා ගැනීමට මේ හේතුවෙන් නොහැකි වූ බව ද අවධාරණය කර සිටී.

Related articles

නඩු නොඇසූ යුගයක සලරු සටහන, ‘ෆාදර්’

80 සහ 90 දසකවල සියනෑ කෝරළේ ඔස්මන් ගුණසේකර නමැත්තා ආශ්‍රිතව සිදු වූ සත්‍ය සිදුවීම් දාමයක් සහ කුප්‍රකට වවුල්කැලේ...

‘මට ඒ මුහුණ හුරුය. තස්ලිමා නස්රින්! මම ඇය හඳුනා ගතිමි’

කේරළයට ගිය කෑරලා - 4 පෙරදා සන්ධ්‍යාවේ අභිලාෂ් නික්ම ගියේ පසුදින දහය වන විට වාහනයද සමග මා සිටින හෝටලයට...

‘කේරළ තෙයියම් සම්ප්‍රදාය සහ අපේ තොවිල් වැනි යාතුකර්ම අතර බෙහෙවින් සමානකම් පවතී’

කේරළයට ගිය කෑරලා-3 මා නවාතැන් ලද හෝටලයේ සිට මිදුලට බට සැණින් ඇසට හසුවන දසුන් දෙකකි. ඉන් එකක් එක්වරම සිහියට...

“දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි” – It was Just an accident

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය...