ජනාධිපතිගේ ධුර කාලය අඩුකරගන්න නම් ජනමත විචාරණයක් ඕනෙ නෑ – 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

Share post:

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් දක්වා වැඩිකිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ නීති විශාරදයන්ගේ කමිටුවේ ප්‍රධානියකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න පැවසීය.

19 වැනි සංශෝධනයෙන් සිදුකරන ලද්දේ වසර හයේ සිට වසර පහ දක්වා ජනාධිපති ධුර කලාය අඩු කිරීම බවත්, එමගින් ජනතාවට තම පරමාධිපත්‍ය බලය අත්හදා බැලීමට නියමිත කාලයටත් පෙර අවස්ථාව ලැබෙන නිසා ඊට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අදාළ වන්නේ ජනතාව ලබාදුන් ධුර කාලය වැඩිකර ගැනීමට බව ද පෙන්වා දුන් ඔහු, එම නිසා අදාළ වගන්තියේ සඳහන් වන ආකාරයට ධුර කාලය වැඩිකර ගන්නේ නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බව ද අවධාරණය කළේය.
එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන් ද නියෝජනය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කමිටුවට උපදෙස් දුන්නේ ජනමත විචාරණයකට යෑමට හේතුවන සංශෝධන කිසිවක් ඇතුළත් නොකිරීමට බව ද ජනාධිපති නීතිඥවරයා අප කළ විමසීමේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති නීතිමය හිඩැසක් හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වැඩි කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩක් ඇතැයි විවිධ පාර්ශ්ව අදහස් පළකර තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...