ජනාධිපතිගේ ධුර කාලය අඩුකරගන්න නම් ජනමත විචාරණයක් ඕනෙ නෑ – 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කමිටුවේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

Share post:

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් දක්වා වැඩිකිරීමට නම් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිපාදනයක් බව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ නීති විශාරදයන්ගේ කමිටුවේ ප්‍රධානියකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න පැවසීය.

19 වැනි සංශෝධනයෙන් සිදුකරන ලද්දේ වසර හයේ සිට වසර පහ දක්වා ජනාධිපති ධුර කලාය අඩු කිරීම බවත්, එමගින් ජනතාවට තම පරමාධිපත්‍ය බලය අත්හදා බැලීමට නියමිත කාලයටත් පෙර අවස්ථාව ලැබෙන නිසා ඊට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය අදාළ වන්නේ ජනතාව ලබාදුන් ධුර කාලය වැඩිකර ගැනීමට බව ද පෙන්වා දුන් ඔහු, එම නිසා අදාළ වගන්තියේ සඳහන් වන ආකාරයට ධුර කාලය වැඩිකර ගන්නේ නම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බව ද අවධාරණය කළේය.
එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් තමන් ද නියෝජනය කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කමිටුවට උපදෙස් දුන්නේ ජනමත විචාරණයකට යෑමට හේතුවන සංශෝධන කිසිවක් ඇතුළත් නොකිරීමට බව ද ජනාධිපති නීතිඥවරයා අප කළ විමසීමේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති නීතිමය හිඩැසක් හේතුවෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වැඩි කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩක් ඇතැයි විවිධ පාර්ශ්ව අදහස් පළකර තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...