ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක් !

Share post:

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී.

එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි.

මීට පෙරද RIU – Ahungalle හෝටලයේදී මෙම ඇගැයීම සිදු කර ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථාව හිමි විය. මෙම අවස්ථාවට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායම සහභාගි වූහ.

“ලෝටස් ටයර් පවුලේ සාමාජිකයන්ගේ එකතු වීමක් වශයෙන් තමයි අපි මෙම අවස්ථාව දකින්නේ. එනිසා මෙම වැඩසටහන අප පවත්වන්නේ ඉලක්ක සම්පූර්ණ කිරීමට එහා යමින් අන්‍යොන්‍ය සබඳතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන්.”

ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය.

“නියම මිලට… නියම දුරක්…” යන තේමාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප වන ලෝටස් ටයර් දශක ගණනාවක සිට කතා බහට ලක් වූ ටයර් සන්නාමයක් වේ. ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ලෝටස් ටයර් නිෂ්පාදන පෙළ බයිසිකල් ටයර් සහ ටියුබ්, මෝටර් සයිකල් ටයර් සහ ටියුබ්, ත්‍රී වීලර් ටයර් සහ ටියුබ් ආදී නිෂ්පාදන පෙළකින් සමන්විත ය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...