ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක් !

Share post:

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී.

එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් නිදහසෙන් සහ විනෝදයෙන් ගත කිරීමට අවස්ථාව ලැබිණි.

මීට පෙරද RIU – Ahungalle හෝටලයේදී මෙම ඇගැයීම සිදු කර ඇති ලෝටස් ටයර් සමාගම අඛණ්ඩව සිදු කරන මෙම දිරි ගැන්වීම් පිළිබඳව ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ගෙන් ඉහළ ප්‍රසාදයක් හිමි විය විය. පසුගිය වසරේදී අලෙවි ඉලක්ක සම්පූර්ණ කළ අලෙවි නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට මෙම අගනා අවස්ථාව හිමි විය. මෙම අවස්ථාවට සැම්සන් රබර් කර්මාන්ත ආයතනයේ කළමනාකාරිත්වය මෙන්ම ලෝටස් ටයර් විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායම සහභාගි වූහ.

“ලෝටස් ටයර් පවුලේ සාමාජිකයන්ගේ එකතු වීමක් වශයෙන් තමයි අපි මෙම අවස්ථාව දකින්නේ. එනිසා මෙම වැඩසටහන අප පවත්වන්නේ ඉලක්ක සම්පූර්ණ කිරීමට එහා යමින් අන්‍යොන්‍ය සබඳතාව ශක්තිමත් කිරීමේ අරමුණෙන්.”

ලෝටස් ටයර් ආයතනයේ වෙළෙඳ කළමනාකරු පැවසීය.

“නියම මිලට… නියම දුරක්…” යන තේමාව ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට සමීප වන ලෝටස් ටයර් දශක ගණනාවක සිට කතා බහට ලක් වූ ටයර් සන්නාමයක් වේ. ගෙවන මුදලට උපරිම සාධාරණයක් ඉටු කරමින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කරන ගුණාත්මකභාවයෙන් ඉහළ ලෝටස් ටයර් නිෂ්පාදන පෙළ බයිසිකල් ටයර් සහ ටියුබ්, මෝටර් සයිකල් ටයර් සහ ටියුබ්, ත්‍රී වීලර් ටයර් සහ ටියුබ් ආදී නිෂ්පාදන පෙළකින් සමන්විත ය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...