පැය 17ක පොලිසියේ අමානුෂික ක්‍රියාවලට එරෙහිව මාධ්‍යවේදී උඩුවරගෙදරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

Share post:

ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනය හා පෞද්ගලික වෘත්තීය සමිතිය ඒකාබද්ධව රජයට එරෙහිව පැවැත්වූ විරෝධතා පා ගමනක් ජනමාධ්‍ය වෙනුවෙන් ආවරණය කරමින් සිටියදී තමා ජනමාධ්‍යවේදියකු බව තහවුරු කර තිබියදීත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම හා තුවාල ලබා සිටි තමා රෝහල්ගත කිරීමට නිසි පියවර නොගෙන පැය 17කට අධික කාලයක් රඳවා තබාගැනීමට එරෙහිව ජනමාධ්‍යවේදියකු වන තරිඳු උඩවරගෙදර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

පසුගිය වසරේ ජූලි 28 වැනිදා පැවැති එම විරෝධතා පාගමන පිළිබඳ දැනගත් තමා ජනමාධ්‍ය වෙනුවෙන් ආවරණය සඳහා ගිය බවත්, එම අවස්ථාවේදී පොලිසිය ඇතුළු කැරලි මර්දන අංශ පෙළපාලිකරුවන් දෙසට දිගින් දිගටම කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ බවත් පෙත්සම්කාර ජනමාධ්‍යවේදියා සිය පෙත්සම මඟින් පෙන්වා දී තිබිණි.

එහිදී පෙළපාලියට එල්ල කළ ගල් ප්‍රහාරයක ලක්වූ තරුණියක් පෙළපාලිකරුවන් විසින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අයුරු තමන් ඇතුළු ජනමාධ්‍යවේදීන් වීඩියෝගත කිරීම හා ඡායාරූපගත කරනු දුටු පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් නිලධාරීන් ජනමාධ්‍යවේදීන් දෙසට ජල හා කඳුළු ගෑස් එල්ල කළ බවත්, තමන් ඇතුළු පිරිස ජනමාධ්‍යවේදීන් බව පවසා සිටියදීත් සිදුකළ එම ප්‍රහාර නිසා ජනමාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලැබූ බවත් පෙත්සම්කරු අධිකරණයට පෙන්වා දී තිබේ.

එම අවස්ථාවේදී පොලිසිය තමාව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට රැගෙන ගොස් තුවාල ලබා සිටි තමාට ප්‍රතිකාර ලබාදීම පැහැර හැර පැය 17කට අධික කාලයක් රඳවාගත් බවත්, පසුව අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුගේ උපදෙස් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තුවාම ලැබූ අයට ප්‍රතිකාර ලබාදීමට පියවර ගත් බවත් පසුව රෝහලට පැමිණි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තමා ඇප මත මුදාහැරීමට නියෝග කළ බවත් පෙත්සම්කාර තරිඳු උඩවරගෙදර අධිකරණයට පෙන්වා දී තිබිණි.

පොලිසියේ එකී අමානුෂික ක්‍රියා කලාපය නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇත.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...