ශිරාන් බාසික්ගේ හෝටලය කැඩීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක් !

Share post:

ආන්දෝලනයකට තුඩුදුන් දෙහිවල සෝල් බීච් හෝටලය කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කර තිබේ.

ඒ, අනුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත කොමිසම නිර්දේශ කර ඇත.

එමෙන්ම වගඋත්තරකාර පාර්ශ්වයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත ද කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

අදාළ කාලසීමාව තුළ සිදුවූ ආර්ථිකමය හානිය තක්සේරු කර එහි සේවකයින්ට සුදුසු වන්දි මුදලක් ගෙවන ලෙසත්, අත්තනෝමතික ලෙස ගොඩනැඟිල්ල කඩාදැමීමෙන් පැමිණිලිකරුවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර රජය විසින් එම මුදල ගෙවිය යුතු බවත් එම නිර්දේශවල සඳහන් වේ.

දෙහිවල පිහිටි හෝටලයක් වූ සෝල් බීච් හෝටලය,  ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන දැනට විදේශගතව සිටින ශිරාන් බාසික් නමැත්තාට අයත් බව පවසමින් පසුගිය ජනවාරි 01දා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබිණි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...