ශිරාන් බාසික්ගේ හෝටලය කැඩීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශයක් !

Share post:

ආන්දෝලනයකට තුඩුදුන් දෙහිවල සෝල් බීච් හෝටලය කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ නිකුත් කර තිබේ.

ඒ, අනුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර සුදුසු පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත කොමිසම නිර්දේශ කර ඇත.

එමෙන්ම වගඋත්තරකාර පාර්ශ්වයන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත ද කොමිසම වැඩිදුරටත් නිර්දේශ කර තිබේ.

අදාළ කාලසීමාව තුළ සිදුවූ ආර්ථිකමය හානිය තක්සේරු කර එහි සේවකයින්ට සුදුසු වන්දි මුදලක් ගෙවන ලෙසත්, අත්තනෝමතික ලෙස ගොඩනැඟිල්ල කඩාදැමීමෙන් පැමිණිලිකරුවන්ට සිදුවූ හානිය සම්බන්ධයෙන් තක්සේරු කර රජය විසින් එම මුදල ගෙවිය යුතු බවත් එම නිර්දේශවල සඳහන් වේ.

දෙහිවල පිහිටි හෝටලයක් වූ සෝල් බීච් හෝටලය,  ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින්වෙන දැනට විදේශගතව සිටින ශිරාන් බාසික් නමැත්තාට අයත් බව පවසමින් පසුගිය ජනවාරි 01දා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබිණි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...