කැනඩා කුළුඳුල් ජයග්‍රහණය පිටුපස අපේ අභිමානය

Share post:

ටෙස්ට් තත්ත්වය හිමි තවත් කණ්ඩායමක් ටෙස්ට් තත්ත්වය නොමැති කණ්ඩායමකට මෙවර 20යි 20 ලෝක කුසලානයේදී පරාජයට පත්වූ දෙවන අවස්ථාව සනිටුහන් කරමින් අයර්ලන්තයට එරෙහිව කැනඩාව ජය ගැනීමට සමත් වෙනවා. සිය කුළුඳුල් 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන කැනඩාව ලැබූ පළමු ජයග්‍රහණය මෙය වීමත් විශේෂත්වයක්.

තරගය පැවැත්වුණේ මේ දිනවල ක්‍රිකට් ලොව කා අතරත් ජනප්‍රිය නිව්යෝර්හී Nassau County ක්‍රීඩාංගණයේදීයි. මීට පෙර අවස්ථා 4කදී කැනඩාව සහ අයර්ලන්තය 20යි 20 පිටියේදී හමුවී ඇති අතර ඉන් තරග 2 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබෙනවා. කැනඩාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමග A කාණ්ඩයේ තරගය තවත් තීව්‍ර වෙනවා. ඊයේ පකිස්ථානය අමෙරිකාව හමුවේ ලද පරාජයත් අද කැනඩාව අ‍යර්ලන්තය හමුවේ ලැබූ ජයග්‍රහණයත් සමගින් A කාණ්ඩයෙන් සුපර් 8 වටයට යන කණ්ඩායම් දෙක පිළිබඳ හරි අදහසක් තවමත් ලබාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. නමුත් මෙම ජයග්‍රහණය පකිස්ථානයට දැඩි බලපෑමක් වන අතර කැනඩාවේ මීළඟ තරගය තිබෙන්නේ ද පකිස්ථානය සමගයි.

කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන පුබුදු දසනායකයි. පුබුදු දසනායක 1993 – 1994 කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 11ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා. ක්‍රිකට් වංශ කතාව තුළ නව පිටුවක් පෙරළු මෙම ජයග්‍රහණය පිටුපස අභියෝග ජයගෙන ඉදිරියට යන ලාංකිකයෙකු සිටීම නිහතමානීව අපට ආඩම්බර විය හැකි සුවිශේෂි කරුණක්. 20යි 20 ලෝක කුසලානය ඉදිරියේදී තවත් රසවත් වේවී. ලාංකික අපිට තවත් පැය කිහිපයකින් කොහොමත් රසවත් වේවි..!

චතුරංග රාජපක්ෂ(fb)

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...