කැනඩා කුළුඳුල් ජයග්‍රහණය පිටුපස අපේ අභිමානය

Share post:

ටෙස්ට් තත්ත්වය හිමි තවත් කණ්ඩායමක් ටෙස්ට් තත්ත්වය නොමැති කණ්ඩායමකට මෙවර 20යි 20 ලෝක කුසලානයේදී පරාජයට පත්වූ දෙවන අවස්ථාව සනිටුහන් කරමින් අයර්ලන්තයට එරෙහිව කැනඩාව ජය ගැනීමට සමත් වෙනවා. සිය කුළුඳුල් 20යි 20 ලෝක කුසලානයට ක්‍රීඩා කරන කැනඩාව ලැබූ පළමු ජයග්‍රහණය මෙය වීමත් විශේෂත්වයක්.

තරගය පැවැත්වුණේ මේ දිනවල ක්‍රිකට් ලොව කා අතරත් ජනප්‍රිය නිව්යෝර්හී Nassau County ක්‍රීඩාංගණයේදීයි. මීට පෙර අවස්ථා 4කදී කැනඩාව සහ අයර්ලන්තය 20යි 20 පිටියේදී හමුවී ඇති අතර ඉන් තරග 2 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබෙනවා. කැනඩාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමග A කාණ්ඩයේ තරගය තවත් තීව්‍ර වෙනවා. ඊයේ පකිස්ථානය අමෙරිකාව හමුවේ ලද පරාජයත් අද කැනඩාව අ‍යර්ලන්තය හමුවේ ලැබූ ජයග්‍රහණයත් සමගින් A කාණ්ඩයෙන් සුපර් 8 වටයට යන කණ්ඩායම් දෙක පිළිබඳ හරි අදහසක් තවමත් ලබාගත නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. නමුත් මෙම ජයග්‍රහණය පකිස්ථානයට දැඩි බලපෑමක් වන අතර කැනඩාවේ මීළඟ තරගය තිබෙන්නේ ද පකිස්ථානය සමගයි.

කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන පුබුදු දසනායකයි. පුබුදු දසනායක 1993 – 1994 කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග 11ක් සහ එක්දින ජාත්‍යන්තර තරග 16ක් ක්‍රීඩා කර තිබෙනවා. ක්‍රිකට් වංශ කතාව තුළ නව පිටුවක් පෙරළු මෙම ජයග්‍රහණය පිටුපස අභියෝග ජයගෙන ඉදිරියට යන ලාංකිකයෙකු සිටීම නිහතමානීව අපට ආඩම්බර විය හැකි සුවිශේෂි කරුණක්. 20යි 20 ලෝක කුසලානය ඉදිරියේදී තවත් රසවත් වේවී. ලාංකික අපිට තවත් පැය කිහිපයකින් කොහොමත් රසවත් වේවි..!

චතුරංග රාජපක්ෂ(fb)

Related articles

පාස්කු විමර්ශන ගැන කතා කරන එක කොන්ත්‍රාත් එකක් ද? : අපි ඕනෙ කෙනකුට විවෘතයි ! – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

ඇත්තටම ඇයි පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු හොයන්න ඔච්චර මහන්සි වෙන්නෙ, කෙනෙකුට කියන්න පුළුවන් මේක කොන්ත්‍රාත් එකක් කියලා, සමාජ මාධ්‍යවල ඇතැම්...

රාජපක්ෂලාගෙන් පොරොන්දු ගෙන නීතිය සමග සෙල්ලම් කළ පිල්ලෙයාන් !

නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන 5ක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි...

කොළඹ මහ නගර සභාවේ වංචා හා දූෂණ සොයන කොමිසමේ කාලය දික් කරයි !

කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ, වංචා හා අවභාවිතයන් පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා...

භික්ෂු හැඳුනුම්පත දෙනකොට නඩු ගැන බලන්න විදිහක් නෑ – බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව

භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන් වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බව...