මිලියන 969ක ඡන්දදායකයන් මෝදි නේරුට සමකරයි ද?

Share post:

පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි අනාවැකි පළවේ.
73 හැවිරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ මෙවර මැතිවරණයෙන් ආසන 400කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමයි. කෙසේ වෙතත් පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350ත් 380ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ලබන බවට වාර්තා වේ.
පසුගියට අප්‍රේල් 19දා ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය ආරම්භ වූ අතර, එය ජුනි 01දා අවසන් විය. දින 44ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (04) සිදුකිරීමට නියමිතයි. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අරමුණිනි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂය සෙසු සියලු‍ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියා නම් නව සන්ධානයෙනි.
අනාවැකිවලට අනුව මෝදි අගමැතිවරයා මෙවරත් ජයග්‍රහණය කළහොත් එය ඔහුගේ තුන්වැනි ජයග්‍රහණය වේ. 2014 සහ 2019 වසරවල පැවැති මැතිවරණ මෝදි ජයග්‍රහණය කරන ලදි.
අද මෝදි ජයග්‍රහණය කළහොත් මැතිවරණ ජයග්‍රහණ අතින් ඔහු ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ තත්ත්වයට සමාන වේ. නේරු ද එකදිගට මැතිවරණ තුනක් ජයග්‍රහණය කර ඇත. ඡන්දදායකයන් මිලියන 969ක් මෙවර මැතිවරණයේදී ඡන්දය දැමීමට සුදුසුකම් ලබාසිටියහ.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...