මිලියන 969ක ඡන්දදායකයන් මෝදි නේරුට සමකරයි ද?

Share post:

පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් ජයග්‍රහණයක් හිමිවනු ඇතැයි අනාවැකි පළවේ.
73 හැවිරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ඉලක්කය වී ඇත්තේ මෙවර මැතිවරණයෙන් ආසන 400කට වඩා වැඩි ගණනක් දිනා ගැනීමයි. කෙසේ වෙතත් පශ්චාත් මැතිවරණ සමීක්ෂණ අනුව අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ආසන 350ත් 380ත් අතර සංඛ්‍යාවක් දිනා ගනු ලබන බවට වාර්තා වේ.
පසුගියට අප්‍රේල් 19දා ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය ආරම්භ වූ අතර, එය ජුනි 01දා අවසන් විය. දින 44ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම අද (04) සිදුකිරීමට නියමිතයි. මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) ආසන 543ක් සඳහා නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අරමුණිනි.
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂය සෙසු සියලු‍ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ඉන්දියා නම් නව සන්ධානයෙනි.
අනාවැකිවලට අනුව මෝදි අගමැතිවරයා මෙවරත් ජයග්‍රහණය කළහොත් එය ඔහුගේ තුන්වැනි ජයග්‍රහණය වේ. 2014 සහ 2019 වසරවල පැවැති මැතිවරණ මෝදි ජයග්‍රහණය කරන ලදි.
අද මෝදි ජයග්‍රහණය කළහොත් මැතිවරණ ජයග්‍රහණ අතින් ඔහු ඉන්දියාවේ පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ තත්ත්වයට සමාන වේ. නේරු ද එකදිගට මැතිවරණ තුනක් ජයග්‍රහණය කර ඇත. ඡන්දදායකයන් මිලියන 969ක් මෙවර මැතිවරණයේදී ඡන්දය දැමීමට සුදුසුකම් ලබාසිටියහ.

Related articles

ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම වෛද්‍යවරයා Dr. Howard Tucker

හොවාර්ඩ් ටකර් කියන්නේ වයස අවුරුදු 102ක් වන ස්නායු ශෛල්‍ය වෛද්‍යවරයෙක්. ටකර් හඳුන්වන්නේ ලෝකයේ සක්‍රීය වෛද්‍ය සේවයේ ඉන්න වයස්ගතම...

තායිලන්ත අගමැතිනියට වහාම ඉවත්වන්නැයි විරෝධතා

තායිලන්ත අගමැතිනිය පේටොන්ග්ටාන් ශිනවත්‍රා ට තනතුරෙන් වහාම ඉවත්වෙන්න කියලා බලකරමින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් තායිලන්තය තුළ මතුවෙලා තියනවා. දහස්...

නිහඬ කළ ලස්සන ම කවිය : අබ්බාසි !

යුද්ධයක පළමු වින්දිතයා වන්නේ කාන්තාවයි. ලංකාවේ උතුරේදීත්, දකුණේදීත් අපි එය අත්දකිමු. උතුරේ දරුවන් අහිමි අම්මලාගේ, ආබාධිත බවට පත්වූ...

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා…….

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවානි ත් ත ව ල...