කෙහෙළියගේ ඖෂධ නඩුව : එක් සැකකරුවකුට ඇප – නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර වාර්තාවක් !

Share post:

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු ගණකාධිකාරී නිරාන් ධනංජය ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (03) නියෝග කළාය.

සැකකාර හිටපු වෛද්‍යවරයාගේ දරුවෙකු කිසියම් මානසික පීඩනයකින් පසුවන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ඔහුට රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.

තවද සෑම මසකම පළමු හා අවසන් ඉරිදා දිනයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරණයෙන් සැකකරුට නියම විය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු ඇප මත මුදාහැර සිටින අතර සෙසු සැකකරුවන් අටදෙනා ජුනි මස 14 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවකු විදෙස්ගතව සිටින බවටද අධිකරණයෙ හෙළිවිය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

Related articles

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...