කෙහෙළියගේ ඖෂධ නඩුව : එක් සැකකරුවකුට ඇප – නීතිපති දෙපාර්තමේන්තුවෙන් වැඩිදුර වාර්තාවක් !

Share post:

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු ගණකාධිකාරී නිරාන් ධනංජය ඇප මත මුදාහරින ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අද (03) නියෝග කළාය.

සැකකාර හිටපු වෛද්‍යවරයාගේ දරුවෙකු කිසියම් මානසික පීඩනයකින් පසුවන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බලමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ඔහුට රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇප දෙකක්ද නියම කෙරිණි.

තවද සෑම මසකම පළමු හා අවසන් ඉරිදා දිනයන්හි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද අධිකරණයෙන් සැකකරුට නියම විය. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු ඇප මත මුදාහැර සිටින අතර සෙසු සැකකරුවන් අටදෙනා ජුනි මස 14 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියම කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවකු විදෙස්ගතව සිටින බවටද අධිකරණයෙ හෙළිවිය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...