රතු සංඥාව

Share post:

ලෝක කුසලාන පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුණා.
තරගය කිසිඳු මාධ්‍යයක සජීවීව විකාශය වූයේ නැහැ.
ලකුණු පුවරුව පමණක් විටින් විට විවිධ මාධ්‍යයන් හි යාවත්කාලීන වුණා.
ක්‍රිකට් වැනි ක්‍රීඩාවක ලකුණු පුවරුවකින් පමණක් නිගමනයන්ට පැමිණිය නොහැකියි.
ඇතැම්විටෙක ලකුණු පුවරුවකින් පැමිණෙන නිගමන සහ තරගයක යථාර්තය අතර දරුණු වෙනස්කම් පැවැතිය හැකියි.
තරගය සජීවීව නැරඹූවේ නොමැති නිසා ගැඹුරු විශ්ලේෂන සහ බරපතල නිගමනයන්ට පැමිණිය නොහැකි වුනත්, පරාජය වූ තරගයේ අවසන් ලකුණු පුවරුවෙන් පවා පැමිණිය හැකි සරල නිගමනයන් කිහිපයක් තිබෙනවා.
ඊයේ තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පන්දු යවන්නන් පන්දු යවා නැහැ.
වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු නොයවමින් සෙසු පන්දු යවන්නන්ට අවස්ථාවන් ලබා දී තිබුණා.
දුෂ්මන්ත චමීර තවමත් සංචිතය සමග එක් වී තිබුණේ නැහැ.
එම නිසා ඔහුටත් ඊයේ තරගය මගහැරී තිබුණා.
ඇතැම් විටෙක කණ්ඩායමේ සිව්වෙනි පන්දු යවන්නා පිළිබඳ අදහසක් ලබා ගැනීමට නායකත්වයට සහ කළමනාකාරීත්වයට අවශ්‍ය වූවා විය හැකියි.
එම පන්දු බලඇණියට එරෙහිව නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 180 ක් රැස් කර තිබුණා.
නුවන් තුෂාර, ඩිල්ෂාන් මදුශංක සහ ඇන්ජලො මැතිවුස්ට එරෙහිව නෙදර්ලන්ත පිතිකරුවන් පන්දුවාරයකට ලකුණු 10 බැගින් ලබා ගෙන තිබුණා.
නුවන් තුෂාර අසාර්ථක වීම හැරුණුකොට එහි එතරම් ගතයුත්තක් නැහැ.
බොහෝ විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පන්දු යවන්නන් සිව්දෙනා බවට වනිඳු, මහීෂ්, මතීෂ සමග චමීර පත්වේවි.
කෙසේ වෙතත් ජයග්‍රහණය සඳහා ලකුණු 180ක් හඹා ගිය ශ්‍රී ලංකාව ලකුණු 20 කින් තරගය පරාජය වී තිබුණා.
එය බරපතල රතු කොඩියක්.
පන්දු යවන්නන් විවේක ගැන්වූවත් තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පිතිකරුවන් සියලූම දෙනාම ක්‍රීඩා කළා.
ලෝක කුසලානයට ක්‍රීඩා කරනා, දුර්වලම යැයි කිවහැකි පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා ගෙන තිබුණේ ලකුණු 160 ක් පමණයි.
විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ මුල් පෙළ දරුණු ලෙස අසමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මුල් කඩුලු හතරම ලකුණු 30 ක් තුල බිඳ වැටී තිබුණා.
කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වී තිබුණේ නොම්මර හය පිතිකරුවා වනිඳු හසරංගයි.
ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට, එයම හොඳ නිදසුනක්.
ලෝක කුසලාන සංචිතයේ ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබඳ විවේචන එල්ල වූ අවස්ථාවන් හි තේරීම් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ මේ ශ්‍රී ලංකාවේ හොඳම පිතිකරුවන් බවයි.
කෙසේවෙතත් ඔහුගේ ප්‍රකාශයට අවම සාධාරණය ඉටු කිරීමට පවා ශ්‍රී ලංකා පිතිකරුවන් ඊයේ අසමත් වෙලා.
කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නගා තිබුණේ වනිදු සහ දසුන් ශානකයි.
එය සැඟවුණු රිදී රේඛාවක් විය හැකියි.
විශේෂයෙන්ම එක් පන්දුවාරයක දී වනිඳු පිට පිට හයේ පහර පහක් එල්ල කළ බවත්, හයවෙනි පන්දුවේ දී දැවී ගිය බවත් කියවෙනවා.
ඒවා ධනාත්මක සාධක වන බවට සැකයක් නැහැ.
එමෙන්ම දසුන් ශානක ද පිතිකරුවෙකු ලෙස සාර්ථකයි.
නොම්මර හය / හත තුන් ඉරියව් ස්ථානයට නායක වනිඳුගේ තීරණය ඇන්ජලෝ මැතිවුස්.
එය පක්ෂග්‍රාහී තීරණයක්. වනිඳු සහ ඇන්ජලො අතර පුද්ගලික මිත්‍රත්වය ඊට ප්‍රධාන හේතුවක්.
නමුත් එම ස්ථානයට තමන් සුදුසු බව දසුන් ඔප්පු කරනවා නම්, නායක වනිඳුගේ පුද්ගලික කැමැත්තට ඉහළින් දසුන්ට එම ස්ථානය හිමි විය යුතුයි.
ඇතැම් විටෙක ප්‍රධාන සංචිතයේ ස්ථානයක් වෙන් නොවූ, එනමුත් අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචිතය නියෝජනය කරනා ජනිත් ලියනගේ හෝ භානුක රාජපක්ෂ පිළිබඳ සලකා බැලීමටත් මෙය හොඳ අවස්ථාවක් විය හැකියි.
විශේෂයෙන්ම ධනංජය ද සිල්වා සංචිතයේ රැඳී සිටීමට ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ප්‍රධාන හේතුවක්.
පන්දු යැවීම ඉවත් කළ විට, ඔහු වෙනුවෙන් ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන් වීමට කිසිඳු අවස්ථාවක් නැහැ.
නමුත් ශ්‍රී ලංකාවට ගැටලුවක් වී ඇත්තේ දක්ෂ, ප්‍රවේගකාරී පිතිකරුවන්ගේ හිඟකම මිසෙක පන්දු යවන්නන්ගේ අඩුවක් නොවෙයි.
එම නිසා ලෝක කුසලානය ආරම්භයට පෙර සංචිතයේ කළ යුතුම වෙනස්කම් සිදුකිරීමට මේ පුහුණු තරගය වෙස් වලා පැමිණි ආශිර්වාදයක්.
ඉන් ලබා දුන් සංඥා ග්‍රහණය කරමින්, සිදු කළ යුතුම වෙනස්කම් සිදුකිරීම දැන් නායකයාගේ සහ කළමණාකාරීත්වයේ වගකීමක්.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

 2024. 05. 29

Related articles

‘මල් නොරඳන තුරු’ – චාරුණ්‍යා දෙහිගම

අපේ සමාජය මුලින්ම මාතෘමූලික එකක් කියල ඉතිහාසඥයන් පවසනවා. ඒ මාතෘමූලික සමාජය කාලයත් එක්ක පීතෘමූලික බවට පත්වෙනවා. සමාජය පීතෘමූලික...

ලිංගික අධ්‍යාපනය (Sex Education) දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද ලබා දිය යුතුයි !!

Sex Education ඕනෙද ,එපාද ? ඒ මිනිහා දුවගෙ ඇඟ අතගාලා තිබ්බට යටිකය අතගාලා තිබ්බෙ නැහැ මිස් , යටිකය අතාගාලා...

සිනමාව – සංගීතය හා චිත්‍රපට තේමා සංගීතය !

සිනමාව ( A Cinama ) යනු බොහෝ කලා මාධ්‍යයන් එනම්, සංගීතය - චිත්‍රය - නර්ථනය , නාට්‍ය හා...

සිවිල් වැසියන් 1,400කට ආසන්න පිරිසක් ඝාතනය වෙලා – අණදීම සහ සැලසුම් කිරීම, හසීනාට මරණ දඬුවම

බංගලාදේශයේ හිටපු අගමැතිනිය ශේක් හසීනාට මරණ දඬුවම නියෝග කරන්න එරට අන්තර්ජාතික අපරාධ විනිශ්චය සභාව අද(17) තීරණය කළා. ඒ...