DSI Tyres සංවිධානය කළ Hankook ටයර් ප්‍රධාන අලෙවි නියෝජිත හමුව RIU හෝටලයේදී !

Share post:

ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තවදුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී.

මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් වී Hankook ටයර් දේශීය වෙළෙඳපොළේ බෙදා හැරීමට ප්‍රමුඛ දායකත්වයක් දැක්වූ අලෙවි නියෝජිතයන් අගය කරමින් Hankook කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ DSI Tyres කළමනාකාර අධ්‍යක්ෂවරයා අත්සන් කළ බලය ලත් අලෙවි නියෝජිතත්ව පිරිනමන විශේෂ සහතික පත්‍ර රාමු කර පිරිනමන ලදී. වගකීමෙන් සහ විශ්වාසනීයව Hankook ටයර් මිලට ගැනීමට පාරිභෝගිකයන්ව දැනුවත් කිරීමට අදාළව අවශ්‍ය උපදෙස් අලෙවි නියෝජිතයන්ට පිරිනැමීමද මෙහිදී සිදු විය.

දේශීය ටයර් වෙළෙඳපොළේ ප්‍රමුඛතම මෙන්ම විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගමේ කළමනාකාරිත්වය හරහා Hankook ටයර් බෙදා හැරීම පාරිභෝගික විශ්වාසය සහ අලෙවිය වැඩි වීමට හේතු වුණ බව අලෙවි නියෝජිතයෝ එහිදී පැවසූහ. එසේම  DSI Tyres සමාගම ක්‍රියාත්මක කරන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් Hankook ටයර් අලෙවිය වර්ධනය වීමට හේතු වූ බවද ඔවුහු පැවසූහ. දශක ගණනාවක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු කොරියාවේ Hankook   ටයර් සමාගම ලොව විශාලම ටයර් නිෂ්පාදකයන් දහය අතර සිටින අද්විතීය සමාගමකි. ආරක්ෂාව, දිගු කල් පැවැත්ම, පරිසර හිතකාමී බව, සුව පහසුව ආදී සියලු සාධක මනාව කැටි කර නවීන තාක්ෂණයට අනුව නිපදවා ඇති Hankook රේඩියල් ටයර් වාහනයට නව පෙනුමක් සහ අගයක් එක් කරන නවෝත්පාදී කට්ට රටා රැසකින් හැඩ ගැන්වී ඇත. ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතියට, දේශගුණයට මෙන්ම මෙරට බහුලව භාවිත වන වාහනවලට Hankook ටයර් මනාව ගැළපෙන බව පරීක්ෂණවලින් තහවුරු කර ගැනීමෙන් පසුව ආනයනය කර ඇති නිසා ඒවා විශ්වාසයෙන් භාවිත කළ හැකිය.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...