ගමේ වැදගතුන් ඇමතීමේ ටිරාන්ගේ රැස්වීමට දේශබන්දු ඕඅයිසීලාගෙන් මුදල් එකතු කරයි !

Share post:

පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ.

හෙට (17) පස්වරු 2ට මේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ පොලිසිය බාර ඇමැති ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙනි. මේ සඳහා එක් පොලිස් ස්ථානාධිපතිවරයකු රුපියල් 7,000ක මුදලක් සහ ඩීසල් ලීටර් 10කට අවශ්‍ය වියදම් ලබාදිය යුතු බවට නියෝග කර තිබේ.

එක් පොලිස් කොට්ඨාසයකින් එක් බස් රථයක් බැගින් මේ රැස්වීම සඳහා පිරිස ගෙන ඒමට යෙදවිය යුතු බවට ද දැනුම් දී ඇත. 

මීට මාස දෙකකට පෙර පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත්තේ ප්‍රදේශයේ කීර්තිමත් විශ්‍රාමික පුද්ගලයන් දෙදෙනෙකුගේ බැගින් නම් එවන ලෙසයි. ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් විදුහල්පතිවරුන්, රජයේ සේවයේ සිටි ඉහළ නිලධාරීන් වැනි පුද්ගලයන්ගේ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් මගින් පොලිස්පති කාර්යාලය වෙත යොමුකර ඇත.

ඉන්පසු දැනුම් දී ඇත්තේ අදාළ නම් එවන ලද පුද්ගලයන් ඇමතීමට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්ට අවශ්‍ය වී ඇති බවත්, ඒ සඳහා සියලු පහසුකම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සැපයිය යුතු බවත් ය. ඒ අනුව පොලිස් කොට්ඨාස 45න් වායු සමනය කරන ලද බස් රථ 45ක් යොදවන ලෙසත්, අදාළ පුද්ගලයන්ගේ ආහාර සහ හෝටලයේ වියදම් සඳහා රුපියල් 7,000 බැගින් ලබාදෙන ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත. 

මෙසේ අත්තනෝමතික ලෙස කටයුතු කළ හැකිද යනුවෙන් විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම නිසා ය. 

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...