IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි !

Share post:

සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) ස්ථාපිත කළ නවීන පහසුකම්වලින් යුතු XR Lab සහ High-Fidelity Simulation Lab පසුගියදා විවෘත කරන ලදී.

මෙම විද්‍යාගාර අති නවීන Virtual Reality (VR), Augmented Reality (AR) සහ Mixed Reality (MR) යන තාක්ෂණයෙන් සමන්විත වේ. එම පහසුකම් ස්ථාපිත කිරීම තුළින් IIHS ආයතනය ඩිජිටල් අත්දැකීමක් සමඟ සිසුන්ගේ ඉගැනුම් කටයුතු වඩාත් පුළුල් කිරීමට ඔවුන් සතු කැපවීම යළි තහවුරු කර ඇත. මෙම විද්‍යාගාර පහසුකම් සමඟ සංකීර්ණ සිද්ධාන්ත සහ ක්‍රියාවලි පහසුවෙන් අධ්‍යයනය කරමින් වඩා යහපත් ඉගැනුම් අත්දැකීමක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙන අතර එමඟින් හුදු නිරීක්ෂකයන් බවට පත් නොවී අධ්‍යාපන ක්‍රියාවලියේ ක්‍රියාශීලි කොටස්කරුවන් වීමට ඔවුන්ට අවස්ථාව ලැබීම සුවිශේෂ කරුණකි. මෙම විද්‍යාගාර තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වීමට අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතු ශල්‍යකර්ම සිදු කිරීම, සංකීර්ණ රෝග තත්ත්ව හඳුනා ගැනීම සහ හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම වැනි බොහෝ දෑ ඩිජිටල් තාක්ෂණය සහ නිසි පුහුණුව ලත් උපදේශකයන් යටතේ ඉගැනීම තුළින් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්ෂේත්‍රයේ ඉහළටම යාමට සිසුන්ට හැකි වනු ඇත.

සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වවලට ගැළපෙන පරිදි සිද්ධාන්තමය දැනුම වෙනුවට ප්‍රයෝගික නිපුණතා වැඩි දියුණු කර ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමේ වැදගත්කම මැනවින් අවබෝධ කර ගෙන ඇති IIHS ආයතනය එම ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණෙන් High-Fidelity Simulation Lab විවෘත කර ඇත. එය වෛද්‍ය පුහුණුවට නව ජීවයක් දෙන අති නවීන සිමියුලේටර් සමඟ ක්‍රියාත්මක වේ. එහි ඇති මිනිස් ශරීරයට සමාන mannequins අනුකරණය සහ යථාර්ථය අතර ඇති පරතරය අවම කරමින් වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ ක්‍රියා පටිපාටි පුහුණු වීමට, තීරණාත්මක අවස්ථාවලදී තීරණ ගැනීමට සහ අවදානම් රහිත පරිසරයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමට සිසුන්ට අසමසම අවස්ථාවක් සපයයි.

සිසුන්ගේ ඉගැනුම් අත්දැකීම් නව මානයක් කරා ගෙන යාමේ හැකියාවකින් හෙබි මෙම විද්‍යාගාරයේ ඇති ප්‍රධාන වාසියක් වන්නේ එදිනෙදා වෘත්තීය ජීවිතයේදී සිසුන්ට මුහුණ දීමට සිදු වන සංකීර්ණ සහ ඉහළ පීඩනයක් ඇති කරන ආකාරයේ තත්ත්ව ඒ තුළ ප්‍රතිනිර්මාණය කළ හැකි වීමයි. සැබෑ රෝගීන් අවධානමක හෙලීමෙන් තොරව ජීවිතාරක්ෂක ශල්‍යකර්මයක් සිදු කිරීම, හදිසි රෝග තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීම හෝ අර්බුදකාරී තත්ත්වයක් කළමනාකරණය කිරීම වැනි තත්ත්වවලට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුහුණුව ලැබීමට IIHS ආයතනයේ සිසුන්ට දැන් අවස්ථාව ඇත.

“පසුගියදා විවෘත කළ XR Hub සහ High-Fidelity Simulation Lab සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් ඇති කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා. එය නව්‍යකරණය සහ පරිකල්පනය එකට හමු වන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස හඳුන්වන්න පුලුවන්. ඉතින් අප සමඟ එකතු වෙලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වීම සඳහා වන ගමන ආරම්භ කරන්න ඔබට පුළුවන්. මෙවැනි නවීන පහසුකම් සමඟ දැනුමින් පමණක් නොව ප්‍රයෝගික අත්දැකීම්වලින් සිසුන් සන්නද්ධ කරන්න අප ඇප කැප වී සිටිනවා. ඒ හරහා රෝහල්, සායන සහ ප්‍රජාව තුළ ධනාත්මක වෙනස්කම් බොහොමයක් ඇති කරන්න ඔවුන්ට හැකි වේවි.”

IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී, විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සඳහන් කළේය.

Related articles

මේ තමයි ට්‍රම්ප්ට හෝ ඔහුගේ කඳවුරට කිසිදාක අවබෝධ කරගත නොහැකි ශිෂ්ටත්වය, ශිෂ්ටාචාරය සහ අභිමානය

එක පැත්තකින් බල ලෝභයෙන් සහ තමන්ගෙ උද්දච්චකමෙන් රෝගී වුණ සුදු පිරිමියෙක්, ශිෂ්ටාචාරයක් විනාශ කරන බව කියමින් උදම් අනනවා.අනිත්...

පාකිස්ථාන් සාම දූත භුමිකාවේ තිරය පිටුපස සිටින සැබෑ “අධ්‍යක්ෂවරයා” කවුද ?

පසුගිය පැය කිහිපය තුළ මුළු ලෝකයේම අවධානය යොමු වුණේ බටහිර ආසියාව දෙසටයි. ලෝකයේ බොහෝ දෙනෙක්ට ඊයේ රාත්‍රිය නින්දක්...

අද ඇති න්‍යෂ්ටික අවි ප්‍රහාරයක අළු මත නැවත ගොඩනැගිය හැකි ශිෂ්ටාචාරයක් නැත

මීට පැය කිහිපයකට කලින් ඇමරිකාවෙන් නිකුත් වුණු ප්‍රකාශ කිහිපයක් මුළු ලෝකයම කම්පා කර ඇත. ඒවා නිකම්ම නිකම් දේශපාලන...

ඉරානය වසර 40 ක් තිස්සේ නිහඬව සිටින්නේ ඔවුන්ගේ “රොස්තම්ගේ උපාය” ක්‍රියාත්මක කිරීමටයි

අද ලෝක දේශපාලනය දෙස බලන විට බොහෝ දෙනෙකුගේ හදවතේ තියෙන්නේ ලොකු බයක්. තුන්වන ලෝක යුද්ධය පටන් ගනීවිද? ඉරානයට...