අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආදරණීය බලු සුරතලෙකු පැමිණේ !!

Share post:

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes – 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා දින ප්‍රංශයේ දී මහත් අභිමානවත් ආකාරයෙන් ආරම්භ විය . මෙම විශිෂ්ට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මැයි මස 14 – 25 දක්වා පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවය සදහා විශේෂ ආරාධනා ලැබ ලොව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද වෙනත් අංශවලට සම්බන්ධ ශිල්පීන්ද සහභාගිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මෙවර කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සමාරම්භක උත්සවය අන් කවරදාටත් වඩා ලෝක මාධ්‍යය සුවිශේෂී අවධානයට ලක්වූ සිදුවීමක් සිදුවිය . එය හැත්තෑහත්වසරක ( 1947 – 2024 ) කාන් සිනමා ඉතිහාසය උඩු-යටිකුරු කිරීමට සමත්වූ බව පෙනේ.

එනම් ඒ ප්‍රංශ ජාතික සම්මානීය අධ්‍යක්ෂකවරියක් වූ ජස්ටින් ට්‍රිට් ( Justin Triet ) විසින්ම අධ්‍යක්ෂණය කොට 2023 වර්ෂයේදී අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොදම චිත්‍රපටයට හිමි Palmer Do’r සම්මානය හිමිකරගත් Anatomy of a Fall – 2023 ( Crime/Thriller ) චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරන ලද සැලී ( Sally ) නම් ලොවම ආකර්ශනය කරගත් බලු-සුරතලා විශේෂ අමුත්තකු වශයෙන් ආරාධනා ලැබ රතු-පලස මතින් සමාරම්භක උත්සවයට සහභාගිවීමයි.
මෙන්න .. ලෝක සිනමාවේ තත්ත්වය!!

අපේ සිනමාව තවමත් එෛතිහාසික, බෞද්ධ හා YouTube චිත්‍රපටය නිර්මාණය කරමින් එකතැන චොර වනවිට ලෝක සිනමාවේ රන්දෙවොල වෙත ගෞරවනීය ආරාධනාවකට අනුව බලු සුරතලුන් ද රතුපලස මතින් පැමිණෙන්නේ ය . අපි කාටද වැරදුණේ ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...