අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලට රතුපලස මතින් ආදරණීය බලු සුරතලෙකු පැමිණේ !!

Share post:

77 වැනි ජාත්‍යන්තර කාන් සිනමා සම්මාන උළෙල ( Festival de Cannes – 2024 ) පෙරේදා දින එනම් , 2024 මැයි මස 14 වැනි අඟහරුවාදා දින ප්‍රංශයේ දී මහත් අභිමානවත් ආකාරයෙන් ආරම්භ විය . මෙම විශිෂ්ට අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල මැයි මස 14 – 25 දක්වා පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවය සදහා විශේෂ ආරාධනා ලැබ ලොව සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යක්ෂකවරුන් හා නළු නිළියන් ද වෙනත් අංශවලට සම්බන්ධ ශිල්පීන්ද සහභාගිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

මෙවර කාන් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සමාරම්භක උත්සවය අන් කවරදාටත් වඩා ලෝක මාධ්‍යය සුවිශේෂී අවධානයට ලක්වූ සිදුවීමක් සිදුවිය . එය හැත්තෑහත්වසරක ( 1947 – 2024 ) කාන් සිනමා ඉතිහාසය උඩු-යටිකුරු කිරීමට සමත්වූ බව පෙනේ.

එනම් ඒ ප්‍රංශ ජාතික සම්මානීය අධ්‍යක්ෂකවරියක් වූ ජස්ටින් ට්‍රිට් ( Justin Triet ) විසින්ම අධ්‍යක්ෂණය කොට 2023 වර්ෂයේදී අන්තර්ජාතික කාන් සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොදම චිත්‍රපටයට හිමි Palmer Do’r සම්මානය හිමිකරගත් Anatomy of a Fall – 2023 ( Crime/Thriller ) චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් නිරූපණය කරන ලද සැලී ( Sally ) නම් ලොවම ආකර්ශනය කරගත් බලු-සුරතලා විශේෂ අමුත්තකු වශයෙන් ආරාධනා ලැබ රතු-පලස මතින් සමාරම්භක උත්සවයට සහභාගිවීමයි.
මෙන්න .. ලෝක සිනමාවේ තත්ත්වය!!

අපේ සිනමාව තවමත් එෛතිහාසික, බෞද්ධ හා YouTube චිත්‍රපටය නිර්මාණය කරමින් එකතැන චොර වනවිට ලෝක සිනමාවේ රන්දෙවොල වෙත ගෞරවනීය ආරාධනාවකට අනුව බලු සුරතලුන් ද රතුපලස මතින් පැමිණෙන්නේ ය . අපි කාටද වැරදුණේ ?

පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Related articles

අඳුරු යුගය ආලෝකමත් කරන්න ඉදිරිපත් වුණු මිනිසෙක් – රන්කරුවෙක්! වයින් යන්ත්‍රයකින් අකුරු මිරිකීම!

අදට අවුරුදු 600කට කලින්, ලෝකය මීට වඩා ගොඩක් වෙනස්. ඒ කාලේ පොතක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙකුට හීනයක් විතරයි. එක...

පියසටහන් ප්‍රසාංගික සැන්දෑව යුග තුනක ගී මිහිරියාව – 2026

"පියසටහන් ප්‍රසාංගික සැන්දෑව : යුග තුනක ගී මිහිරියාව අභිනන්දනය උත්සවය" 2026 - ජනවාරි මස 03 වැනි ශනිදින මහනුවර...

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ නවතම චිත්‍රපටය කුමක්ද ?

ස්ටීවන් ස්පිල්බර්ග් (Steve Spielberg / B 1947 ) යනු කවරෙකු ද යන්න ශ්‍රීලාංකේයවිදෙස් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට මා අමුතුවෙන්...

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...