IPL වෙනස් වෙයි – “මා හැපූ බබල් ගම් එක විසි කළ විට පවා එය හතරේ සීමාව පසුකර ගියා” – රවිචන්ද්‍රන්

Share post:

IPL තරගාවලිය අතරමැද සංවිධායකයන් පිටියේ තත්ත්ව (Playing conditions) වෙනස් කර තිබෙනවා.
තරගාවලිය ආරම්භයේ දී එය පිතිකරුවන් උදෙසා පමණක් සංවිධානය කළ එකක් වුණා.
ලකුණු 250 පවා ඉතාම සාමාන්‍ය එකක් වුණා. ලකුණු 260 ක ඉලක්කයක් පවා පහසුවෙන් හඹා ගියා.
ඒ මොහොතේ දී ක්‍රීඩකයන්ගෙන්, මාධ්‍යයෙන් සහ රසිකයන්ගෙන් සංවිධායකයන්ට දැඩි විවේචන එල්ල වුණා.
ක්‍රිකට් යනු පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් පමණක් නොවන බව ඔවුන් කිව්වා.
තරගාවලියට ක්‍රීඩා කරනා පන්දු යවන්නන් පවා ඔවුන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ප්‍රසිද්ධියේ බෙදාගත්තා.
ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තරගාවලියේ හතරේ සීමා පිළිබඳ කියා තිබුණේ ‘මා හැපූ බබල් ගම් ශේෂයන් විසි කළ විට පවා එය හතරේ සීමාව පසුකර ගිය’ බවයි.
එහිදී ඔහු තරගාවලියේ යොදා ගත් කෙටි හතරේ සීමා දැඩිව උපහාසයට ලක් කර තිබුණා.
සංවිධායකයන් අඩියක් පස්සට ගත්තේ එතනදී.
දින කිහිපයක් තිස්සේ ක්‍රීඩා කළ තරග බලද්දී එම තරග, තරගාවලි ආරම්භයෙන් සම්පූර්ණයෙන්ම වෙනස්.
අවසන් තරග කිහිපයේදීම එවැනි වැඩි ලකුණු වාර්තා වුණේ නැහැ. ලකුණු දෙසීය පහසුවෙන් හඹා ගියේ නැහැ.
ඒ අනුව තරග ක්‍රීඩා කෙරෙන තනතීරු සහ තත්ත්ව වෙනස් කර තිබෙන බව පැහැදිලියි.
පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ටද තරගයක් දිනවිය හැකි තත්ත්වයක් මේ මොහොතේ උදා වී තිබෙනවා.
ඇතැම් විටෙක එලබෙන ලෝක කුසලානයේ ක්‍රීඩා කෙරෙන තනතීරු වලට ඉන්දීය කණ්ඩායම හැඩගැස්වීමේ අරමුණින් එම වෙනස සිදු කළා ද විය හැකියි.
ඒ කෙසේ වූවත් එය හොඳ තත්ත්වයක්.
ක්‍රිකට් පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් පමණක් වූ විට එහි සැබෑ ජීව ගුණය ගිලිහෙනවා.
එහි ස්වාභාවිකත්වය මිය යනවා.
රසිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සහ වාණිජමය පරමාර්ථ උදෙසා ක්‍රීඩාවේ ස්වාභාවිකත්වය විනාශ කළ යුතු නැහැ.
ක්‍රීඩාවේ මූලික ආකෘතිය සහ හැඩතලය වෙනස් කළ යුතු නැහැ.
එම නිසා අවසන් මොහොතේ හෝ IPL තරගාවලියේ පිටියේ තත්ත්වයන් වෙනස් වීම යහපත්.

ඉරේෂාන් සිරිවර්ධන (fb)

       2024. 05. 05

Related articles

‘මළා කියා හිත තදකර සිටින්නද’ – උපෙකලා අතුකෝරළ

උපෙකලා සිය නවතම කාව්‍ය එකතුව පාඨකයාට තිළිණ කර තිබේ. ඒ ඇගේ පස්වන කාව්‍ය සංග්‍රහයයි. එසේම එහි කවි හතලිස්...

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සම්පූර්ණ ප්‍රකාශය !

වර්තමානයේ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් අපේ රටේ ජනතාව තුළ යම් නොසන්සුන්තාවක් සහ සිදු වන්නේ...

අපිට සහයෝගය දෙන්න : අපිට එකතු වෙලා මේ තත්ත්වයට මුහුණදෙන්න පුළුවන් – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්

පවතින අසීරු තත්ත්වය පාලනය කරගැනීම සඳහා සහාය දෙන ලෙසත්, එකට එක්ව ඊට මුහුණ දිය හැකි බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්...

මිහිඳු හිමි දෙවැනි පෑතිස් රජුට දුන් සාංචි අනුරුවේ පරීක්ෂණ හමස් පෙට්ටියේ !

ලංකාවේ තිබූ වටිනාම පුරාවස්තු කිහිපයෙන් එකක් වන ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්, මිහිඳු හිමි මෙරටට රැගෙන ආ බව...