‘මළකඩ සහ අස්ථි’

Share post:

වයස අවුරුදු හතක පමණ වයසැති කුඩා පුතු සමඟ ඇවිදින පියෙකුගේ ඔබ මොබ ඇවිදින රූප පෙළකින් චිත්‍රපටය පළමු දර්ශන පෙළ ආරම්භ වෙනවා. තනිකඩ පියා වන අලී සහ ඔහුගේ පුතුට දැඩි කුසගින්න ඉවසා දරාගත නොහැකිව අනෙකුන් කා ඉවත දමන ලද ඉතිරි වී ගිය ආහාරවලින් බඩගින්න නිවා ගන්නවා. දරිද්‍රතාවයෙන් හෙමිබත් වූ අලී යනු මුදලට පොර බඳින මල්ලව පොර ශූරයෙකි. අලී විසින් සොචිචමි මුදලකට විවිධ ස්ථානවල මෙහෙකමි වෘත්තින්හි යෙදෙති. අලීට අහමිබයෙන් මෙන් මුණ ගැසෙන ස්ටෙෆනි නමි තැනැත්තියකි. ඇය තල්මසුන් පුහුණු කරන්නියකි.

අවාසනාවන්ත ලෙස ස්ටෙෆනිගේ දෙපා අහිමි වන්නේ දරුණු අනතුරකට මුහුණ පෑමෙි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් අලී සහ ස්ටෙෆනිගේ ජීවිතය ගලාගෙන යන්නේ එකම දිශාවකට ය. දෙදෙනාටම දැන් අහිමි වීම් කන්දරාවකින් මුහුණ පෑමට සිදු වී ඇත. අලී විරැකියාවෙන් හෙමිබත්ව කුසගින්න සහ තම පුතුගේ පැවැත්ම වෙනුවෙන් වෙිදනාව වැළඳ ගනිමින් මුදලට සටන් කරති. ⁣ස්ටෙෆනිගේ අහිමි වීම සහ මානසික කඩා වැටීම තම දෙපා අහිමි වීම තුළය. ඇගේ පෙමිවතා ඔහුව අතරමං කර පළා යති. අලී ඇයට පිහිට වෙයි. මෙි සමිමානනීය ප්‍රංශ භාෂිත චිත්‍රපටයක් වන ‘රස්ට් ඇන්ඩ් බෝන්’ චිත්‍රපටයේ කතා සාරාංශයයි.
‘රස්ට් ඇන්ඩි බෝන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සමිමානනීය අධ්‍යක්ෂකවරයකු වන ‘Jacques Audiard’ විසිනි. චිත්‍රපටය පුරාවටම සමිමානනීය රංගනයක් ඉදිරිපත් කරන විශිෂ්ට නිළි ‘Marion Cotillard'(ස්ටෙෆනි) සහ නළු ‘Matthias Schoenaerts'(අලී) දෙපළ විසින් ප්‍රේක්ෂකයා කමිපනයට පත් කරන්නට සමත් වෙනවා වගේම චිත්‍රපටයේ ප්‍රශස්ත තිර රචනය විසින් චරිත⁣යන්හි සියුමි තැන්වලින් පවා ප්‍රේක්ෂකයා චරිතය කෙරෙහි සහවෙිදනය ඇති කරවන්නට සමත් වෙනවා.

මිනිස් ශරීරයේ ජීවයේ පදනම අස්ථි(Bones) ය. මිනිස් ශරීරය පුරා අස්ථි කොටස් 207කින් සමන්විත වන අතර අවයව අතරින් වැඩිම අස්ථි ප්‍රමාණයක් ඇත්තේ අතෙහිය. එක් අතක අස්ථි සංඛ්‍යාව 27කි. චිත්‍රපටය පුරාවටම තම පැවැත්ම වෙනුවෙන් අලීගේ දෙඅත සංකේතයක් විදියට නිරූපණය වෙනවා. ඒ ව⁣ගේම මුහුද නමැති පුළුල් අවකාශය ස්ටෙෆනිගේ ආත්මය සහ ඇය සෑම මොහොතකම විඳවන වෙිදනාව ⁣පිළිබඳ සංඥාවක් නිකුත් කරනවා. භෞතික අනතුරකදි මිනිස් මනසට පහර පිට පහර එල්ල කරන දැඩි ආතතියට එරෙහිව මනස ශක්තිමත් කරගන්නේ කෙසේද? අප අනෙකාගේ වෙිදනාව තේරුම් ගත යුත්තේ කෙසේද? සහ සමීපතමයකු අහිමි විමක් ආසන්නයේ අපේ ප්‍රතිචාරය කුමක්ද? යන්න නිරූපණය කරන ප්‍රශස්ත චිත්‍රපටයක් විදියට ‘රස්ට් ඇන්ඩ් බෝ්න්’ චිත්‍රපටය නමි කරන්න පුලුවන්.

මලින්ත විතානගේ

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...