ඡන්ද කරන හැටි කියලා දෙන්න අලියාට – පොහොට්ටුවට මෝදි එන්න කියයි !

Share post:

මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.

පසුගිය 19දා සිට ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය ආරම්භ විය. එය අවසන් වන්නේ ලබන ජුනි 01දා ය. ඒ අතරතුර කාලයේදී ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම සඳහා මෙසේ මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අගමැතිවරයා විසින් ආරාධනා කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතට අනුව විදේශ නායකයන්ට පක්ෂවල මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන අතර, එහි උපායමාර්ග සහ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කෙරෙන බව ද භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කර ඇත. ඕස්ටේ්‍රලියාවේ ලිබරල් පක්ෂය, වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශයේ අවාමි ලීගය, ඊශ්‍රායලයේ ලිකුඩ් පක්ෂය, උගන්ඩාවේ ජාතික ප්‍රතිරෝධක ව්‍යාපාරය සහ රුසියාවේ එක්සත් රුසියානු පක්ෂය යන දේශපාලන පක්ෂවලට මෙසේ මූලික වටයේදී ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

මොරිෂස්හි කම්කරු පක්ෂය, මොරිෂස් සටන්කාමී ව්‍යාපාරය සහ මොරිෂියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සහ නේපාල කොංග්‍රසය, ජනමාත් පක්ෂය, නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (ඒකාබද්ධ මාක්ස්වාදී-ලෙනින්වාදී), නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ නේපාලයේ රාෂ්ටී්‍රය ස්වාධීන පක්ෂය යන පක්ෂවලට ද ඉදිරියේදී මෙසේ ආරාධනා කිරීමට නියමිත බව ද ‘ද හින්දු’ වාර්තා කරයි.

Related articles

රොබින් හුඩ්ගේ මරණය සිනමාවට නැගේ “The Death of Robin Hood”

රොබින් හුඩ් ( Robin Hood ) වූ කලී බ්‍රිතාන්‍ය ජන-සාහිත්‍යයේ ( British Folklore ) එන අසාහය ජනතා වීරයෙකි....

කපිල චන්ද්‍රසේනගේ මරණය : අපරාධකරුවන්ගේ රහස් පාරවල් රැසක් හෙළිකරයි !

කපිල චන්ද්‍රසේන කවුදැයි අලුතින් හඳුන්වා දිය යුතු නැත. කපිල දැන් නැත. එහෙත් ඔහු බරපතළ ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුකර තිබේ....

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි !

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ...

අවසාන දවස් වෙනකම් ඉන්න එපා : අල්ලස් කොමිසම වත්කම් බැරකම් ගැන යළිත් මතක් කරයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීමට බැඳී සිටින සියලුම රාජ්‍ය...