ඡන්ද කරන හැටි කියලා දෙන්න අලියාට – පොහොට්ටුවට මෝදි එන්න කියයි !

Share post:

මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන්ට ආරාධනා කර තිබේ.

පසුගිය 19දා සිට ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය ආරම්භ විය. එය අවසන් වන්නේ ලබන ජුනි 01දා ය. ඒ අතරතුර කාලයේදී ඉන්දියාවේ මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගැනීම සඳහා මෙසේ මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන්ට අගමැතිවරයා විසින් ආරාධනා කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පතට අනුව විදේශ නායකයන්ට පක්ෂවල මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබාදෙන අතර, එහි උපායමාර්ග සහ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කෙරෙන බව ද භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කර ඇත. ඕස්ටේ්‍රලියාවේ ලිබරල් පක්ෂය, වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශයේ අවාමි ලීගය, ඊශ්‍රායලයේ ලිකුඩ් පක්ෂය, උගන්ඩාවේ ජාතික ප්‍රතිරෝධක ව්‍යාපාරය සහ රුසියාවේ එක්සත් රුසියානු පක්ෂය යන දේශපාලන පක්ෂවලට මෙසේ මූලික වටයේදී ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ.

මොරිෂස්හි කම්කරු පක්ෂය, මොරිෂස් සටන්කාමී ව්‍යාපාරය සහ මොරිෂියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සහ නේපාල කොංග්‍රසය, ජනමාත් පක්ෂය, නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (ඒකාබද්ධ මාක්ස්වාදී-ලෙනින්වාදී), නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ නේපාලයේ රාෂ්ටී්‍රය ස්වාධීන පක්ෂය යන පක්ෂවලට ද ඉදිරියේදී මෙසේ ආරාධනා කිරීමට නියමිත බව ද ‘ද හින්දු’ වාර්තා කරයි.

Related articles

ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ තැන් මාරුව

වෙනිසියුලාව පිලිබඳ සටහන් 1: වෙනිසියුලාවට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපදය සිදුකළ ප්‍රහාරය සහ ජනාධිපති නිකොලස් මධුරෝව පැහැර ගෙන යාම ඩොනල්ඩ්...

එය ලතාගේ මළ ගෙදරදි සිදු විය යුතු ඉතා වැදගත් සටහනක් නොවේද?

නදීකගේ ලතා ගැන කතා ලතා වල්පොල ගායිකාවගේ අවමංගල්‍ය උත්සවයේදී නදීක ගුරුගේ විසින් කරපු කතාව මළ ගෙදරකට නොගැලපෙන, කාටවත් තේරෙන්නැති...

විගණකාධිපති ප්‍රශ්නය – ජනාධිපති හරි ද? ව්‍යවස්ථාදායක සභාව හරි ද?

‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 සහ 41 (සී) යන ව්‍යවස්ථා අනුව විගණකාධිපතිවරයා සම්බන්ධ නම නිර්දේශ කරන්නෙ ජනාධිපතිවරයා. එය ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත...

මතක මල් පැස හා අපේ කතාව!!

2025 අවුරුද්දෙ ටිකක් බරවැඩ කීපයක නියැලී උන්න නිසා ගෙදර ගොඩගැහෙන පොත්වලින් කියවගන්න ලැබුණෙ ටිකයි.ඒ අතර විටින් විට තැනක්...